(ප්‍රින්ස් රත්නායක)
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කළ සරසවි සිසුන් හට නේවාසිකාගාර 84 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ 60 වන නේවාසිකාගාරය ලෙස ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉදිකළ සරසවි මැදුර සිංහරාජ VI - නේවාසිකාගාරය නොවැම්බර් 8 වැනි දා පෙරවරු 9.40 ට යෙදෙන සුබ මොහොතින් සිසු අයිතියට පැවරීමට නියමිතය.
උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඩී.සී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වේ. මෙම සිව්මහල් නේවාසිකාගාරය සිසුන් 400 කට නේවාසික පහසුකම් සැලසිය හැකි පරිදි ඉදිකර ඇත. මෙය මෙම සුබ සාධන ව්‍යාපෘතිය යටතේ ශ්‍රි ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉදිකළ තෙවැනි නේවාසිකාගාරයයි.
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ශිෂ්‍ය සුභසාධනය උදෙසා ක්‍රියාත්මක කළ නේවාසිකාගාර ඉදිකිරීම අදියර 1 හා 2 යටතේ මේ වන විට ඉදිකොට සිසුන් වෙත ලබාදී ඇති නේවාසිකාගාර සංඛ්‍යාව 60 කි. අදියර 3 යටතේ නේවාසිකාගාර 24 ක් ද වශයෙන් විශ්වවිද්‍යාල පද්ධතියේ ඉදිකරනු ලබන මුළු නේවාසිකාගාර සංඛ්‍යාව 84 කි.
අදියර 3 යටතේ නේවාසිකාගාර 24 නේවාසිකාගාර ව්‍යාපෘතිය 2018 වසරේදී අවසන් කිරීමට නියමිතය.මෙම ව්‍යපෘතිය යටතේ වසරකට නේවාසික පහසුකම් සැලසෙන සිසුන් සංඛ්‍යාව 33,600 කි. සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා රජය විසින් දරණ වියදම රුපියල් මිලියන 20,000 කි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සබරගමුව විශ්වවිද්‍යාලයේ “සරසවි මැදුර” සිසු අයිතියට