(දීපාල්ද සිල්වා)
ගාල්ල ධීවර වරයෙන් පසු ගිය මාසයේ 14 දින මූහුදු ගිය සින්දුර් -2 යාත්‍රාව පසුගිය 29 වැනි දින සිට ගොඩබිම හා සබඳතා ඇන හිටීම නිසා යාත්‍රාව සොයා ගැනිමට නොහැකි බව ධීවර යාත්‍රාවේ හිමිකරු ගාල්ල වරායට දැනුම් දී තිබේ.
එහි ධීවරයන් හත්දෙනෙකු ගමන්කර ඇති බවද එම පැමිණිල්ලේ සඳහන්ය .
කේ.එච්. දමින්ද , ඒ.පි. අසේල චාමන්ත, විතාරන රොහන , සුසිල් ප්‍රනිත (ස්කිපර්) ,එස්. එච් සමන්ත ,ජනිත, කලිදු නිලංග චන්දන(26) යන ධීවරයන් හික්කඩුව කලුපේ , වැරැල්ලාන, පැරැලිය, සීනීගම, යන ගම්මානවල පදිංචි ධීවරයන්ය.
ඔවුන් ගමන්කළයාත්‍රාව අන්තිමට පසු ගිය 29 දා දවල් පවසා ඇත්තේ ගොඩ බිම බලා ගමන් ඇරැඹූ බවයි.
VMS පද්දති සවිකර අදාල ගෙවිම් කළද එම බහුදින ධීවර යාත්‍රාව තිබෙන තැන සොයා ගැනිමට එම පද්දති රට තුළ සක්‍රීයව නොමැති විම ගැන දීවරයින්ගේ ඥාතීහු චෝදනා කරති.
මේගැන ධීවර ඇමතිතුමාද දැනුවත් කර තිබෙන බව එම බහුදින ධීවර යාත්‍රාවෙ හිමි කරු වන රොහන මනොජ් මහතා සඳහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සින්දූර් -2 ධීවර යාත්‍රාව ගැන කිසිඳු තොරතුරක් නෑ