IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


සුදු හඳුන් ජාවාරමක නිරත වූ සිව් දෙනකු අත්අඩංගුවට

(දිලීප් ජයසේකර)

පොල් ලෙලි හා දහයියා ප්‍රවාහනය කරන මුවාවෙන් සුදු හදුන් ජාවාරමක නිරත වු පුද්ගලයන් සිව් දෙනෙකු  හම්බන්තොට අධිවේගී පිවිසුම ආසන්නයේ අතුරු මාර්ගයේදී හම්බන්තොට පොලිසියේ දුෂණ මර්දන  අංශයේ නිළධාරීන් විසින් අද  (11) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.
 
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වැලිමඩ ගුරුතලාව හා බෝගහකුඹුර පදිංචි 38,24 හා 42 හැවිරිදි සැකකරුවන් තිදෙනෙකු හා අම්බලන්තොට මැලේකොළණිය පදිංචි 33 හැවිරිදි සැකකරුවෙකි.
 
වැලිමඩ පදිංචි සැකකරුවන් තිදෙනා හම්බන්තොට මරේ පාරේ දින තුනක් තිස්සේ නවාතැන් ගෙන සිට අම්බලන්තොට මැලේකොළණීයේ පදිංචි පුද්ගලයෙකු සමග සම්බන්ධ වී රන්න,හුංගම හා නෙටොල්පිටිය ප්‍රදේශවලන් සුදු හදුන් ගස් මිළදී ගෙන ඒවා කුට්ටිකර වාහන දෙකකින් වැලිමඩට ප්‍රවාහනය කිරිමට යාමේදී අත්අඩංගුවට පත්ව තිබේ.
 
ලොරි රථ දෙකක් සමග සුදු හදුන් කිලෝ 158ක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට පත් සුදුහන් වල වටිනාකම රුපියල් දොලොස් ලක්ෂ හැට හතර දහසක් පමණ වන බවයි පොලිසිය පැවසුවේ.
 
සැකකරුවන් කුඩා බට්ටා වර්ගයේ ලොරි රථ දෙකකින් මෙම සුදුහදුන් උඩින් දහයියා හා පොල් ලෙලි දමා ප්‍රවාහනය කිරිමට සැළසුම් කර තිබුණි.හම්බන්තොට නාවික හමුදා බුද්ධි අංශයේ නිළධාරීන්ට ලද ඔත්තුවකට අනුව මෙම වැටලිම සිදුකර තිබේ.අත්අඩංගුවට පත් සැකකරුවන් සිව් දෙනා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
 
තංගල්ල කොට්ඨාශබාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍ර අඹේපිටිය,සහකාර පොලිස් අධිකාරී ජයශාන්ත ද සිල්වා,හම්බන්තොට මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති කේ.ජී.එම්.එස්.ප්‍රියන්ත යන මහත්වරුන්ගේ අපදෙස් පරිදි හම්බන්තොට දුෂණ මර්ධණ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක අමිල දිනේෂ්,පොලිස් කොස්තාපල් වරුන් වන (67264)ප්‍රගීත්,(92765)ශානක හා (93691)අතපත්තු යන නිළධාරීන් එක්ව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.



අදහස් (0)

සුදු හඳුන් ජාවාරමක නිරත වූ සිව් දෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 774 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2413 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site