(කේ. බුද්ධික කුමාරසිරි)
සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සහ ලේකම්වරයාගේ නිල මුද්‍රා ව්‍යාජ ලෙස සකසා ඉඩම් සහ ගොඩනැගිලි අනුමත කිරීම් සහතික පත් සකස් කර මුදල් ලබා ගත් බව කියන සීතාවක ප්‍රාදේශීය සභාවේ පාදුක්ක උප කාර්යාලයට අනුයුක්තව සේවය කළ ආදායම් නිලධාරියෙකු අද (08) සැකපිට අඅඩංගුවට ගත් බව හෝමාගම විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.
එම උප කාර්යාලයේ කාර්යභාර නිලධාරිනිය පොලිසියට කළ පැමිණිල්ලක් මත පරීක්ෂණ පවත්වා මෙම සැකකරු අත් අඩංගුවට ගත් බවද එම ඒකකය පවසයි.
සීතාවක ප්‍රාදේශීය සභාවට අයත් පාදුක්ක උප කාර්යාලයට නිවාස ගොඩනැගිලි සහ ඉඩම් අනුමත කර ගැනීමට ජනතාව පැමිණීමෙන් පසු අදාළ ලිපිගොනුවල පවතින විවිධ දෝෂ සඳහන් කර එම පිරිස් කාර්යාලයෙන් පිටත් කර හැර ඇති බවත්, පසුව වෙනත් පිරිසක් එම පුද්ගලයින් යළි හමු වී අදාල කටයුත්ත නීතිමය කටයුතුවල බාධාවකින් තොරව කර ගත හැකි බවත් ඒ සඳහා රුපියල් 50,000ක් ලක්ෂයත් අතර මුදලක් ලබා ගෙන ඇති බවත් අනාවරණය වී ඇති බවද එම ඒකකය පවසයි.
මේ අයුරින් විශාල පිරිසකගෙන් මුදල් ලබා ගනිමින් සීතාවක ප්‍රාදේශීය සබාව මගින් නිකුත් කරනු ලබන සත්‍ය සහතිකය අයුරින්ම සකස් කළ ව්‍යාජ අනුමත සහතිකයක් නිකුත් කිරීමට කටයුතු කර ඇති බවත් එම සහතික සඳහා ප්‍රාදේශීය සබාවේ කාර්ය භාර නිලධාරී සභා ලේකම් සහ සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ අත්සන සහ නිල මුද්‍රා වයාජ ලෙස සකසා යොදා ඇති බවත් අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ඇතුළු තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
සීතාවක ප්‍රා. සභාවේ නිල මුද්‍රා ව්‍යාජව සකසා මුදල් ගැරූ නිලධාරියෙකු දැලේ