IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ස්ටැඩන් වතුයායේ කම්කරුවෝ විරෝධතාවක

( රංජිත් රාජපක්‍ෂ )

දිනක රුපියල් 790ක වැටුපට අමු තේ දළු කිලෝ 18ක් නෙලන ලෙස වතු පාලන අධිකාරිය කළ නියෝගයකට එරෙහිව හැටන් ස්ටැඩන් වතුයායේ කම්කරුවෝ පිරිසක් අද (07) හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ උද්ඝෝෂණයක් කළහ.
 
විරෝධතාකරුවන් පවසන්නේ මධ්‍යම කඳුකරයේ පවතින අයහපත් කාළගුණය නිසා තේ ඵලදාව අඩු වී තිබෙන අවස්ථාවක මුළු දවස පුරාම නෙළිය හැක්කේ උපරිම අයුරින් අමු තේ දළු කිලෝ 14ක් 15ක් පමණ බවත් විරෝධතාකරුවෝ පැවසූහ..


එම ප‍්‍රමාණය නෙළන නිසා තමන්ගේ දෛනික වැටුපට ලබාදෙන රුපියල් 140ක දිරි ගැන්විමේ දිමනාව තමන්ට නොලැබෙන බවයි.

පැය අටක කාලයක් වැඩ කිරීමේදී වතුපාලන අධිකාරිය මගින් තමන්ට ගෙවනු ලබන්නේ රැපියල් 790ක් වෙනුවට රැපියල් 650ක මුදලක් බවද ඔවුහු පැවසූහ.

අද රටේ පවතින ජිවන වියදම අනුව තමන්ට එම මුදල කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බවත් තේ ඵලදාව තිබෙන අවස්ථාවල තමන් වතුපාලන අධීකාරිය ඉල්ලන දළු ප‍්‍රමාණයට වඩා නෙළා දෙන බවද ඔවුහු කීහ.
 
මේ සම්බන්ධයෙන්  තේ වතු සමාගමක වතු අධිකාරිවරයකුගෙන් කළ විමසීමේදී පවසා සිටියේ නිමි තේ කිලෝවක් නිෂ්පාදනය කිරිම සඳහා විශාල පිරිවැයක් දැරිමට සිදුවන නිසා වතුකම්කරුවකු ඔහුගේ දෛනික වැටුපට අමු තේ දළු කිලෝ 18ත් 20ත් අතර ප‍්‍රමාණයක් අනිවාර්යෙන්ම නෙළිය යුතු බවයි.



අදහස් (0)

ස්ටැඩන් වතුයායේ කම්කරුවෝ විරෝධතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 707 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1741 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site