IMG-LOGO

සිංගිමලේ ගින්න නිවන්න ගුවන් හමුදාවේ සහය

(රංජිත් රාජපක්ෂ)

හැටන් සිංගිමලේ රක්ෂිතයේ අද (13) උදෑසන හටගත් ගින්න පාලනය කිරීමට ආපදා කලමනාකරණ ඒකකය ගුවන් හමුදාවට අයත් බෙල් 212 ගුවන් යානයේ සහය ලබාගෙන ඇත.

හැටන් පොලිසිය , වන අඩවි කාර්යාලයේ නිලධාරීන් , හැටන් දික්ඔය නගර සභාව , ප්‍රදේශවාසින් සහ යුද හමුදා නිලධාරින් පැතිර යමින් තිබූ ගින්න පාලනය කිරීමට උත්සහ කළද ගින්න පාලනය කිරීමට නොහැකි වීම හේතුවෙන් ගුවන් හමුදාවේ සහය ලබාගෙන තිබේ.

සිංගිමලේ කදු මුදුණ වෙත කාසල්රි ජලාශයෙන් ජලය රැගෙන ගොස් ගින්න පාලනය කිරීමට ගුවන් හමුදාව කටයුතු කළේය.

පැතිර ගිය ගින්නෙන් අක්කර තුනක පමණ කොටසක් ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් වන අඩවි කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.



අදහස් (0)

සිංගිමලේ ගින්න නිවන්න ගුවන් හමුදාවේ සහය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 23 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1559 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1687 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site