(අජිත්ලාල් ශාන්තඋදය)
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පනවා ඇති සීමා නිසා පීඩාවට පත්වූ රත්නපුර ගෝණකුඹුර ශ‍්‍රී විමලකිත්තියාම විහාරස්ථානය අවට වැසියන්ට සිංගපූරුවේ පදිංචි බෞද්ධ දායකයින් විසින් ලබාදුන් වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීම අද (21) එම විහාරස්ථානයේ දි සිදුවිය.
රුපියල් එකොලොස් ලක්‍ෂ පනස් දහසක වටිනාකමින් පුත් සහල් සහ පරිප්පු මෙලෙස බෙදා දෙනු ලැබුවේ එම විහාරාධිපති ජාතික ළදරු අධ්‍යාපන හා පොදුසේවා පදනමේ අධ්‍යක්‍ෂ ජනරාල් කැළණියේ කස්සප හිමියන් විසිනි.
මුල් අදියර ලෙස පවුල් දහසක් වෙත මෙම වියළි ආහාර බෙදාදීම සිදුවිය. කොරෝනා වෛරස් ආපදාවෙන් බැට කෑ විහාරස්ථානය අවට ගම්වල ජනතාවට මහවැසි නිසාද විශාල පීඩාවක් ඇතිවූ බව කැළණියේ කස්සප හිමියෝ මෙහිදී පැවසූහ.
‘සිංගපූරුවේ ඉන්න බෞද්ධ පරිත්‍යාගශින් පිංවතුන් සහල් කිලෝ දහදාහක් විහාරස්ථානය අවට වැසියන්ට බෙදා දෙන්න කියලා ලබාදුන්නා. විහාරස්ථානවල වැඩ වාසය කරන භික්‍ෂුන් වහන්සේලාට ගමේ දායකයෝ පුලූවන් විදියට දානමාන දෙමින් රැක බලා ගන්නවා. දායකයින්ට විපතක් හානියක් වුණාම විහාරස්ථානයේ හාමුදුරුවරු හොයලා බලලා පුලූවන් විදියට උපකාර කරන්න ඕනෑ. ඒක තමයි බුදු දහමේ ඉගැන්වීම.’
‘බොහෝ හාමුදුරුවරුවගේම බෞද්ධ පිංවතුන් රටපුරා විපතට පත්වූවන්ට උදව් කළා. දන් දුන්නා. කොටි ගණන් අනවශ්‍ය දේට වියදම් කරන සමහර දානපති පිංවතුන් වගේම විශාල ආදායම් තියන විහාරස්ථාන වලින් තවම පීඩාවට පත්වු ජනතාවට සේවයක් වුණේ නෑ. අයත් සොයලා බලලා උදව් කරාවි කියලා හිතනවා’ යැයිද කැළණියේ කස්සප හිමියෝ පැවසූහ.

2025 නොවැම්බර් මස 04
783
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2432
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිංගප්පූරුවේ බෞද්ධ දායකයන්ගෙන් ගෝණකුඹුරේ ජනතාවට ආධාර