IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


සැකකරුවකු අත්අඩංගුවට නොගත්තාට රත්ගම ස්ථානාධිපති උසාවි කැඳවයි


 
ඩි.ජී.සුගතපාල
 
පිහියෙන් ඇන මනුෂ්‍ය ඝාතනයක් සිදු කොට තවත් අයෙකුට තුවාල සිදුකිරිම සම්බන්ධයෙන් විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවක් විභාග කළ දකුණු පළාත්  බද ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විත්තිකරුවන් දෙදෙනාට අද සිර දඬුවම් නියම කළේය.
 
පළමු වැනි විත්තිකරුට මාස හයක සිර දඩුවමක් සහ රුපියල් පන් දහසක දඩයක්ද තුවාලකරුට රුපියල් පනස් දහසක වන්දියක්ද ගෙවිමට නියම කොට සිදඬුවම වසර පහකට අත්හිටුවීමට නියෝ කළ විනිසුරුවරයා අධිකරණය මගහැර සිටින  දෙවැනි විත්තිකරුට බර පතල වැඩ සහිත වසර 18ක සිර දඩුවමක්   සහ රුපියල් පන්  දහසක දඩයක් නියම කළේය. 
 
දඩය නොගෙවන්නේ නම් තවත් මාස තුනක සිර දඩුවම්ද වන්දිය නොගෙවන්නේ නම් තවත් මාස හයක සිර දඩුවම්ද පළමුවන විත්තිකරුට නියම විය
 
මෙසේ දඬුවම් නියමවුයේ පැස්කුවල් හන්දි සුරාජ් කවින්ද සිල්වා සහ කොග්ගේ ගිහාන් කුමාර  යන විත්තිකරුවන් දෙදෙනාටය.
 
දෙවැනි විත්තකරුවූ කොග්ගේ ගිහාන් කුමාර   අපරාධය සිදුවු අවස්ථාවේ සිටම අධිකරණය මගහැර සිටින අතර ඔහුට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් සහ මහාධිකරණයෙන්ද නිකුත් කර ඇති විවෘත වරෙන්තු දීර්ඝ කාලයක් තිස්සේම ක්‍රියාත්මක නොකිරිම පිළිබඳ රත්ගම පොලිස් ස්ථානාධිපතිවරයා මහාධිකරණ විනිසුරවරයාගේ දෝෂ දර්ශනයට ලක්විය.   
 
වරෙන්තුව ක්‍රියාත්මක නොකිරිම සම්බන්ධයෙන් කරුණු දැක්විම සඳහා රත්ගම පොලිස් ස්ථානාධිපතිවරයාට අගෝස්තු දෙවැනිදා අධිකරණයේ පෙනි සිටින ලෙසද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
 
රත්ගම පොලිස් වසමේ බූස්ස පිටිවැල්ලේදි 2011 ජූලි 24 වැනි දින තිමිර මාලිංග අල්විස් මානවඩු යන අය ඝාතනය කිරිම සහ එම ක්‍රියා කලාපයේදිම දෙනගමගේ ඉන්දික යන අයට තුවාල සිදු කිරිම යන අධි චෝදනා දෙක යටතේ  විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ගාලු මහාධිකරණයේ නඩු පවරා තිබින. 



අදහස් (0)

සැකකරුවකු අත්අඩංගුවට නොගත්තාට රත්ගම ස්ථානාධිපති උසාවි කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31695 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14160 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11124 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1125 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 312 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site