(නවරත්න සමරතුංග)
පොතුවිල අක්කරපත්තුව ප්‍රධාන මාර්ගයේ සංගමන්කන්ද ප්‍රදේශයේදී අද (14) සවස 3.30 ට පමණ වෑන් රථයක් සහ ට්‍රැක්ටර් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් වෑන් රථයේ රියැදුරා මියගොස් ඇති බව පොතුවිල පොලීසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ අම්පාර ගැමුණුපුර බී/101/1 ලිපිනයේ සුනිල් ස්වර්ණ ලියනගේ නැමති අයෙකි.
අක්රපත්තුව නගරයේ රියැදුරු පුහුණු පාසලක රිය පුහුණුකරුවෙකු ලෙස ඔහු සේවය කරන බව සඳහන් වේ.
සිද්ධියවූ දින පොතුවිලදී රිය පුහුණු කටයුතු සිදු කර අක්කරපත්තුව බලා ගමන් කරමින් සිටියදී සංගමන්කකන්ද ප්‍රදේශයේදී අක්කරපත්තුව දෙසින් පැමිණි ට්‍රැක්ටරයක මුහුණට මුහූණ ලා ගැටීමෙන් සිදුවූ අනතුරින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියයි.
පොතුවිල පොලීසිය සිද්ධිය සම්බන්ධව අධිකරණයට කරුණූ වාර්තා කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂනයක් පැවැත්වීම සඳහා මරණ කරුගේ දේහය පොතුවිල රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් තැන්පත් කර ඇත.
මෙම අනතුරින් තුවාල ලබා ඇති ට්‍රැක්ටර් රථය පැදවූ රියැදුරා පොතුවිල රෝහලට ඇතුලත් කර ඇත.
අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායක මහතාගේ අධීක්ෂනය හා සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් කුමාර මහතාගේ උපදෙස් මත පොතුවිල පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.උදයපාල මහතාගේ මෙහෙයවීමෙන් රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රේමන්ත සහ පොලිස් සැරයන් 5118 ප්‍රසන්න ඇතුළු නිධාරීහූ පරීක්ෂණ පැවැත්වූහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සංගමන්කන්දේ රියඅනතුරකින් රියැදුරු පුහුණුකරුවෙක් මියයයි