IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ශ්‍රී පාද වන්දනා සමය දෙසැම්බර් 22 වැනිදා ඇරඹේ

(සම්පත් ප්‍රියනන්දන) 

2018 - 2019  ශ්‍රී පාද වන්දනා වාරය ලබන දෙසැම්බර් 22 වැනිදාට යෙදෙන  උඳුවප් පොහෝ දිනයෙන් ආරම්භ කෙරෙන බවත් පැල්මඩුල්ල  ගල්පොත්තාවෙල  රාජ මහා විහාරස්ථ ශ්‍රි සුමණ මහා මන්දිරයේ තැම්පත් කර ඇති සධාතුක කරඩුව හා සමන් දේව ප්‍රතිමා වහන්සේ විවෘත කර පුද සිරිත්  පවත්වා එළඹෙන දෙසැම්බර්  21 වැනිදා අලුයම සමනල අඩවියම   ආවරණය වන පරිදි  මාර්ග තුනක් ඔස්සේ  ශ්‍රී පාද මළුව කරා වැඩම කරවීමට  නියමිත බවත් ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවසුහ. 

තවදුරටත් අදහස් දැක්වූ ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ  උපකුලපති බෙංගමුවේ ධම්මදින්න හිමියෝ මෙසේද පැවැසූහ.

මෙවර ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කිරීම සඳහා සධාතුක  කරඩුව සහ  සමන්දේව ප්‍රතිමාව වන්දනාව සහ ප්‍රදර්ශනය දෙසැම්බර්  20 වැනිදා සවස  6.19 ට ආරම්භ වී 21 වැනිදා අලුයම  4.30 දක්වා පැල්මඩුල්ල  ගල්පොත්තාවෙල රාජමහා විහාරයේ දී සිදුකෙරෙනවා.

ඉන් අනතුරුව සමන් දේව ප්‍රතිමාව සහ සධාතුක කරඩුව සුභ මොහොතින්  පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රාජමහා විහාරස්ථානයේ සිට මාර්ග තුනක් ඔස්සේ පෙරහර තුනකින් ශ්‍රී පාද මළුව දක්වා  ගමන් ආරම්භ කෙරෙනවා. 

පළමු පෙරහැර හැටන් මාර්ගය ඔස්සේ  21 වැනිදා ගල්පොත්තාවෙල රාජමහා  විහාරස්ථානයෙන් අලුයම 5.20 ට ගමන් ආරම්භ කිරීමට නියමිතයි.ඒ  කුරුවිට,ඇහැලියගොඩ ,අවිස්සාවේල්ල,කරවනැල්ල, හැටන්,මස්කෙලිය,නල්ලතන්නිය  හරහා.
දෙවැනි පෙරහැර පලාබත්ත්ගල මාර්ගය ඔස්සේ  21 වැනිදා  අලුයම  6.19 ට  ගනන් ආරම්භ කිරීමටනියමිතයි.

ඒ පැල්මඩුල්ල නගරය,ගනේගම,පාතකඩඩ,ලෙල්ලුපිටිය, සබරගමු  සමන්දේවාලයට ගොස්,ගල්කඩ්ව,මල්වල පාර ඔස්සේ පලාබත්ත්ගල ඔස්සේ ගමන් කෙරෙනවා.

තුන්වන පෙරහැර  බලන්ගොඩ මාර්ගය ඔස්සේ 21 වැනිදා  උදැසන7.20 ආරම්භ කෙරේ.ඒ මාර්ගය වන්නේ පැල්මඩුල්ල නගරය,කාමරංගපිටිය  ඕපනායක,බලන්ගොඩ ,පින්නවල ,බගවන්තලාව පාරෙන් මස්කෙලිය හරහා  නල්ලතන්නිය දක්වා ගමන් කිරීමට නියමිතයි.ඉන්පසු  22 වැනිදා උතුම් පුජනීය වස්තුන් ශ්‍රී පාද මළුවට වැඩමවා ශ්‍රී පාදය  භාර හිමිපාණන් ඇතුළු මහා සග රුවන විසින් ශ්‍රී පාද පද්මය සුවඳ පැනින්  නහවා පුද සිරිත් පවත්වා අලුයම  5.20ට පහන් ආලෝක පුජාව සිදුකෙරෙනවා.

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා මහා සංඝරත්නය, පැල්මඩුල්ල සහ අනිකුත්  ප්‍රදේශීය ලේකම්වරු,අලුත්නුවර සහ සමන් දේවාලයේ බස්නායක  නිලමේවරුන්,පොලිස්  ස්ථානාධිපතිවරුන්,රාජ්‍ය නිලධාරීන්, නගරසභා සහ ප්‍රදේශීය සභා සභාපතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වූහ.



අදහස් (0)

ශ්‍රී පාද වන්දනා සමය දෙසැම්බර් 22 වැනිදා ඇරඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 314 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 203 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site