IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වී මෝලක පිටුපස තිබු ගංජා ගස් සමඟ අයෙක් අත්අඩංගුවට

(කාංචන කුමාර ආරියදාස)
 
දඹුල්ල කණ්ඩලම පාර දෙකේ කණුව ප්‍රදේශයේදී  වී මෝලක්  පිටුපස සිටුවා තිබූ විශාල ගංජා ගස් දෙකක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත්බව දඹුල්ල පොලිසිය කියයි.


එම ගංජා ගස්හි කද  අති විශාල ප්‍රදේශය වැඩී ඇති බවද පොලිසිය කියයි. 


 සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී කියා ඇත්තේ තමන්  වී මෝලේ සේවය කරන අයකු බවත් මෙම ගස් දෙක එම ස්ථානයේ කාලයක් සිට තිබුණු බවත් ඒවා ගංජා ගස් බවට තමන් හඳුනා නොගෙන සිටි බවය.


පොලිසිය කියා සිටියේ   ගංජා ගස් දෙකක් පිළිබඳව ප්‍රදේශවාසියකු විසින්  ලබාදුන් තොරතුරක් අනුව වැටලීම සිදුකොට ගංජා ගස් දෙක සොයාගත් බවය. කෙසේවෙතත් බැලූ බැල්මට මෙම ගංජා ගස් දෙක මොහු විසින් වගා කළේ ද එසේත් නැත්නම් එම ස්ථානයේ පැළ වී තිබූ එකක්ද යන්න පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.


අත්අඩංගුවට ගත් සැකකරු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය කියයි.



අදහස් (1)

වී මෝලක පිටුපස තිබු ගංජා ගස් සමඟ අයෙක් අත්අඩංගුවට

nuwan Thursday, 14 June 2018 08:24 AM

ඔතන වැඩට ආපු මුකුත් නොදන්නා අහිංසක මනුස්සයෙක්ද දන්නේ නැහැ. අපේ වත්තක තිබුනත් ගහ අදුරන්නේ නැත්නම් පොල් ගහක් තරම් උස යාවි. ගහක් ඉබේ වැවිල තිබුනොත් මහා විනාශයක්නේ වෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site