(ක.ග කරුණාරත්න හා නිමල් ජයරත්න)
වී කිලෝවක රජයේ සහතික මිල රුපියල් 50 දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් මහවැලි බී කලාපයේ ගොවි අයිතීන් සුරකීමේ ඒකාබද්ධ සංවිධානය අද (26) පෙරවරුවේ වැලිකන්ද සෙවනපිටිය නගරයේ අඛණ්ඩ උපවාසයක් ඇරඹුහ.
වැලිකන්ද මහසෙන්පුර මහසෙන් මහා විහාරයේ විහාරාධිපති කාර්යත්‍රී උහුමීයේ සිරිසුමන රතන හිමියෝ සහ වැලිකන්ද අසේලපුර ඩී එක බෙදුම් ඇළ ගොවි සංවිධානයේ උප සභාපති එම්.ඩී.ධර්මසිරි (67) ගොවි මහතා ද උපවාසයට එක්ව සිටිති.
රටේම සමස්ත වී ගොවීන් වෙනුවෙන් කරනු ලබන ඉතාමත්ම සාධාරණ ඉල්ලීම කෙරෙහි රජය ඇහුම්කන් දීමක් සිදු නොකළහොත් මෙය මාරාන්තික උපවාසයක් දක්වා ගෙන යන බවත් හෙට (27) දිනය වන විට තවත් ගොවීන් පිරිසක් ඊට සහභාගී කරවීමට බලාපොරොත්තු වන බවත් ගොවි අයිතිය සුරැකීමේ සංවිධානයේ කැදවුම්කරු දිබුලාගල රාහුලාලන්කාර හිමියෝ ප්‍රකාශ කළහ.
මහවැලි බී කලාපය තුළ පිහිටි ගොවි සංවිධාන 41 ක සහාය මේ සඳහා තිබෙන බවත් ඉදිරියේ දී අනෙකුත් ගොවි සංවිධානවල සහාය ඇතිව ගොවි අයිතිය වෙනුවෙන් දැවැන්ත අරගලයක් ආරම්භ කරන බවද උන්වහන්සේ කීහ.


(ඡායාරූප - නිමල් ජයරත්න)

2025 දෙසැම්බර් මස 18
160
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වී කිලෝවට සහතික මිලක් ඉල්ලා ගොවියෝ උපවාසයක