
පුෂ්පකුමාර මල්ලවආරච්චි
ළිදක් ඉසීමට ගිය අවස්ථාවේ ජල මෝටරයෙන් විදුලිය කාන්දුවී විදුලි සැර වැදී කොස්හේන්කන්ද 40 හැවිරිදි අවිවාහකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සදහා එම ළිඳ පිහිටි නිවෙසේ සහෝදරයන් දෙපලක අත්අඩංගුවට ගෙන ඇත.
කුලීකරුවකු වන මියගිය අය කොස්හේන්කන්දේ අසල්වැසි නිවසක පිහිටි ළිඳහි වතුර ඉවත් කිරීම සදහා ළිදට බැස ඇත.
අනතුරුව ජලයට බස්සන මෝටරයක් දමා එය ක්‍රියාත්මක කළ අවස්ථාවේ ළිඳේ සිටි මියගිය අය තමන්ට විදුලි සැර වැදුනු කෑ ගසා ඇති අතර ඔහු ගොඩට ගන්නා විට මියගොස් සිටි බව හෙලිවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd