(ජයන්ත නානායක්කාර)
මාතර රොටුඹ නාපත්ඇල්ල දික්හේන විහාරගල ආරන්‍ය සේනාසනයේ වැඩ සිටී ස්වාමීන් වහන්සේ අද (13) උදෑසන විහාරස්ථානයේ නාන කාමරයේ වතුර ටැංකියට වැටී අපවත් වී සිටියදී සොයා ගත් බව රොටුඹ පොලිසිය පවසයි.
උදෑසන හීල් දානය රැගෙන ගිය පුද්ගලයා දානය ලබා දීමට ස්වාමීන් වහන්සේ නොමැති බැවින් අසල්වැසියන්ට මේ බව පවසා සොයා බැලීමේදී විහාරස්ථානයේ නාන කාමරයේ වතුර ටැංකියේ ස්වාමීන් වහන්සේ වැටී අපවත් වී සිටිනු දක්නට ලැබී තිබේ.
පසුව මේ බව රොටුඹ පොලිස් ස්ථානයට දැනුම් දීමෙන් පසු පොලීසිය පැමිණ පරික්ෂණ ආරම්භ කළේය.
මෙසේ අපවත්වී ඇත්තේ විහාරගල ආරන්‍ය සේනාසනයේ සේනානධිපති 44 හැවිරිදි, පනාකඩුවේ චන්දිම නැමැති ස්වාමීන් වහන්සේය.
මෙම ස්වාමීන් වහන්සේ තනියම ආරණ්‍ය සේනාසනයේ වැඩ සිට ඇති අතර වතුර ටැංකියට වැටීමෙන් අපවත්වුවාද නැතිනම් මෙය ඝාතනයක් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර රොටුඹ පොලීසිය පවසයි.්
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
විහාරගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂුවක් අපවත් වෙයි
සුගත් Monday, 13 July 2020 12:52 PM
ඔය කියන ආරන්‍යය පිහිටි ඉඩමේ වටිනා කියන ගස් තිබේද බලන්න
බන්දුල Monday, 13 July 2020 01:22 PM
මෙය කිසි සේත් අපවත් විමක් නෙවන බවයි මගේ හැගිම එයට නිතිය හරි හැටි ක්‍රියා කිරිම මැනවි නැහොත් මිට වඩා බයානක ඉරනමකට සුවාමින් වහන්සේලාට ඉදිරියේදි මුන දිමට සිදුවනු ඇත.