IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


වැස්සෙන් මහනුවර පුද්ගලයින් 540ක් පීඩාවට


 (මොහොමඩ් ආසික්)

මධ්‍යම කඳුකරය පුරා පසුගිය දින කිහිපය තුල පැවැති අධික වැසි  සහ සුළං සහිත  කාලගුණ තත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 130 කට අයත් පුද්ගලයින් 540  දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

මධ්‍යම කඳුකරයට පැවැති අධික වර්ෂාවත් සමඟ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හතරකට නායයෑමේ අවදානම් නිවේදනය නිකුත් කරනු ලැබ තිබිණ.

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශය ලේකම් කොට්ඨාස  11 ක පවුල් 130 ක පුද්ගලයන් 540 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

ඒ අනුව උඩුනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් එකක පුද්ගලයින් පස් දෙනෙකුද, පස්බාගේ කෝරළය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවල් 99 කට  අයත් පුද්ගලයින් 443 කුද ගඟවට කෝරළය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් හයක පුද්ගලයින් 14 දෙනෙකුද පූජාපිටිය  ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ    පවුල් දෙකක පුද්ගලයින් දොළොස් දෙනෙකුද, අකුරණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ  පවුල් පහක පුද්ගලයින් නව දෙනෙකුද, හාරිස්පත්තුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ  එක් පවුලක පුද්ගලයින් හතර දෙනෙකු ද , උඩපළාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ එක් පවුලක පුද්ගලයින් දෙදෙනෙකුද, හතරලියද්ද ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් තුනකට අයත් පුද්ගලයින් දස දෙනෙකුද, පාතදුම්බර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල්  ත16 ක පුද්ගලයින් 50 දෙනෙකුද තුම්පනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් තුනකට අයත් පුද්ගලයින් 12 දෙනෙකුද  පාතහේවාහැට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් දෙකක පුද්ගලයින් 12 දෙනෙකුද  ඇතුළුව පවුල් 130 ක අයත් පුද්ගලයින් 540 ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.

පීඩාවට පත්ව ඇති ජනතාව වෙනුවෙන් අවශ්‍ය සහනයන් ලබා දීමට  මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ උපදෙස් මත ආපදා කළමණාකරන මධ්‍යස්ථානය  සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාල මගින් කටයුතු  කර ඇති බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.

 



අදහස් (0)

වැස්සෙන් මහනුවර පුද්ගලයින් 540ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 784 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2432 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site