IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


වසර 200 අධික පෞරාණික භාණ්ඩ සොරා ගත් අයෙක් අත්අඩංගුවට

ශාන්ත  ප්‍රදීප් කුමාර කුලරත්න

මොණරෙකුගේ සලකුණු සහිත වසර දෙසීයකට අධික පෞරාණික වටිනාකමින් යුත් මිල කළ නොහැකි පිත්තල පහනක් ඇතුළු පෞරාණික භාණ්ඩ රැසක් ඇදිරි නීතිය ක්‍රියාත්මක අවස්ථාවේදී  සොරා ගත් පුද්ගලයකු සොරාගත්  භාණ්ඩ ද සමග අද (17) අලුයම අත්අඩංගුවට ගත් බව කිරුලපන පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෙවල් බිඳුම් සම්බන්ධයෙන් වරදකරු වී වසර හතක්  බන්ධනාගාර ගතව සිට මීට මසකට පෙර නිදහස්ව ආ පුද්ගලයකු බව පොලීසිය කියයි .

ඇදිරි නීතිය හේතුවෙන් කිරුළපන තලකොටුව වත්ත ප්‍රදේශයේ  නිවසක්  වසා දමා,  එහි හිමිකරුවන් රාජගිරිය ප්‍රදේශයේ ඥාති නිවසක සිට තම නිවසට පැමිණි  අවස්ථාවේදී , එහි තිබූ පෞරාණික භාණ්ඩ රැසක් සමග තවත් භාණ්ඩ කිහිපයක් නිවසේ දොර කඩා සොරාගෙන ගොස්  ඇති බවට  අනාවරණය වීමත් සමග ඒ පිළිබඳව පොලිසියේ  පැමිණිල්ලක් මෙසේ සිදු කර තිබුණි .

ඒ අනුව  පොලිස්  නිලධාරීන් සැකකරු සොයා විමර්ශන අතරතුරදී ,පොලිස් වසමේ සිදු වූ  වෙනත් සොරකමකට අදාළ නිවසක්  පරීක්ෂා කිරීමට යාමේදී එහි පෞරාණික පොල්තෙල් පහනක්  තිබෙනු දැක ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමේදී ,අනාවරණය වූ කරුණු අනුව සොරකමට අදාළ සැකකරු මෙසේ අත්අඩංගුවට ගැනීමට හැකි වූ   බව කිරුළපන පොලිසිය පවසයි .

ඒ අනුව කිරුලපන කූඹිකැලේ ප්‍රදේශය පදිංචි ( 39 ) පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි .

පසුව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී සොරාගන්නා ලද පෞරාණික වටිනාකමින්  යුත් මොණරෙකුගේ සලකුණ සහිත පිත්තල පහන , පිත්තල සෙම්බුවක් , හස්තිරාජයන් තිදෙනකුගේ හොඬවැල මත තබා තිබෙන පිත්තල පාත්තරයක් , ඉනිමගක් සහ මැටි ජෝග්ගුවක් ස්ථාන කිහිපයකට විකුණ  තිබියදී සොයා ගත් බව පොලිසිය පවසයි .

මෙසේ සොයාගත් පෞරාණික භාණ්ඩ තොගයේ වටිනාකම  සහතික කරගත නොහැකි  බවද පොලිසිය පවසයි.

මෙසේ සොයා ගන්නා ලද මොණර සලකුණ සහිත පිත්තල පහන  මීට වසර දෙසීයකට පමණ පෙර පැමිණිලිකරුගේ මුත්තෙකුට  කතරගම මහා දේවාලයෙන් තෑගි ලැබූ එකක් බවට කරුණු අනාවරණය වූ බව ද පොලිසිය කියයි .

තවදුරටත් විමර්ශනය කිරීමේ දී සොරකමට සම්බන්ධ සැකකරු හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් 2014 වසරේදී විවෘත වරෙන්තු ලැබූ අයෙකු බවට කරුණු අනාවරණය වූ බව ද පොලිසිය පවසයි ..

සැකකරු අධික ලෙස හෙරොයින් වලට ඇබ්බැහි වූවකු බව ද පොලිසිය පවසයි   .

ඒ අනුව සැකකරු අලුත්කඩේ අංක 3  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .



අදහස් (0)

වසර 200 අධික පෞරාණික භාණ්ඩ සොරා ගත් අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 786 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2439 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site