IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වසර තුනක් ගියත් මොහොත්තුවාරම තවමත් අඳුරේ

(පද්මා කුමාරී කංකානම්ගේ )
 
විදුලිය සපයා වසර තුනක් ගතව ගිය ද,එකම එක විදුලි බුබුලක් හෝ සවි නොකළ අපූරු ධීවර ගම්මානයක් පිළිබදව කල්පිටිය මොහොත්තුවාරමෙන් වාර්තා වේ.
 
කල්පිටිය දූපත් සමූහයට අයත්,මොහොත්තුවාරම එක් පසකින් පටු වැළි තීරයකින් කන්දකුලිය කුඩාව ප්‍රදේශයෙන් ගොඩ බිමට  යා වූ,කල්පිටිය තුර අඩිය ප්‍රදේශයට කලපුව ඔස්සේ මීටර 700 කින් පමණ දුරින් පිහිටි බිම් කඩකි.

ධීවර පවුල් 350 ක් පමණ වෙසෙන මෙහි සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල්  දෙකක්ද වන ජනාකිර්ණ ගම්මානයකි
 
මොහොත්තුවාරම අර්ධ ද්වීපයට විදුලි සපයා මේ වන විට වසර තුනකටආසන්නය.එහෙත් මේවන තුරු විදුලි කණුවලට,විදුලි බල්බ සවි කර නැති නිසා මොහොත්තුවාරම ගම්මානය, පුන් පොහෝදිනට පමණක් අලෝකමත්වන,අන් හැම දිනක  අදුරේ පවතින ගම් පියසක් බවට ජනතාව චෝදනා නඟයි.

විශේෂයෙන් ලදු කැළෑ බහුල මෙහි,සර්පයින් ද බහුල බවත්,අවේලාවේ රැකියා සදහා පිටත්ව යන,ධීවරයින්ගේ ජීවිතවලට සහ දරුවන්ට ද මේ තත්ත්වය අනතුරුදායක බව,මොහොත්තුවාරම ධීවර සමිතියේ ලේකම් ඒ.එම්.අයුබු මහතා පැවැසුවේ ය.
 
අප මේ පිළිබදව කල්පිටිය ප්‍රාදේශිය සභාවේ උප සභාපති විජිත ප්‍රනාන්දු මහතාගෙන්  විමසු විට  ඔහු සඳහන් කළේ
 
විදුලිය සැපයූව ද, විදුලි ආලෝක ලබාදීමට අසමත් වූ බැව් පිළි ගන්නා බව යි .තම සභාව සතුව,වැළි පොළවේ ගමන් කළ හැකි
වාහන නොමැතිවීම නිසා මෙම බල්බ සවි කිරීමට නොහැකි වූ බවත්ය. ඉදිරියේ දී මේ පිළිබදව අවධානය යොමු කරණ බව ත් ය.


 
 
 
 



අදහස් (1)

වසර තුනක් ගියත් මොහොත්තුවාරම තවමත් අඳුරේ

Raveendra Tuesday, 29 January 2019 11:40 AM

මේවා සාමාන්‍ය ජනතාවට කීමෙන් ඔබලා බලාපොරොත්තු වන්නේ කුමක්ද ??

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site