(සිතුම් චතුරංග)
වවුනියාව පොලිස් කොට්ඨාසයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් නිලධාරීන් 16 දෙනකුට කොවිඩ් - 19 වයිරසය ආසාදිතව හදුනාගත් බව වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
එම පිරිස වවුනියාව ත්‍රස්ත විමර්ශන ඒකකය , පොලිස් විශේෂ කාර්යංශය හා කොවිඩ් - 19 වයිරස වැළැක්වීම සඳහා වවුනියාව මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරී කළ නිලධාරීන් බව සඳහන් කළේය.
වවුනියාව ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා සිටි සැකකරුවන් 17 දෙනෙකු හා පොලිස් නිලධාරීන් සිව්දෙනකු කොවිඩ් - 19 වයිරස ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමඟ වවුනියාව පොලිස් නිලධාරීන්ගෙන් සිදුකළ පී.සී.ආර් පරීක්ෂාවකදී එම නිලධාරීන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
වවුනියාව පොලිසියට අනුයුක්තව රාජකාරි කළ සිවිල් ආරක්ෂක භටයකුද වයිරසය ආසාදනය වී හඳුනාගෙන තිබේ.
ආසාදිත පිරිස් ඇසුරුකළ වවුනියාව ත්‍රස්ත විමර්ශන ඒකකයේ, පොලිස් විශේෂ කාර්යංශයේ හා වවුනියාව පොලිස් මූලස්ථානයේ නිලධාරීන් 35 දෙනෙකු නිරෝධායනය සඳහා වවුනියාව ඕමන්ත පොලිස් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකළ බව වවුනියාව මූලස්ථාන පොලිසිය පැවසීය.
වවුනියාව ත්‍රස්ත විමර්ශන ඒකකයේ හා පොලිස් විශේෂ කාර්යංශයේ සේවයකළ තවත් නිලධාරීන් පිරිසක් නිවෙස් වෙත නිරෝධායනයට යොමුකර ඇති බව වවුනියාව පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd