IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


වේවැල්වත්ත පවුල් 83ක් ඉවත් කෙරේ

(අජිත්ලාල් ශාන්තඋදය)

රත්නපුර - වේවැල්වත්ත මාර්ගයේ ගලබඩ දෙමළ විද්‍යාලයට පහළින් පිහිටි ගලබඩ සිල්වලෑන්ඞ් නොම්මර හය කොටසේ නිවාස 71ක පවුල් 83ක් වහාම ක‍්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය අද (17) නියෝග කළා ය.
 
රත්නපුර දිස්ත‍්‍රික්කයට වරින්වර ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් මෙම ප‍්‍රදේශය නායයාමේ දැඩි අවදානමකට ලක්ව ඇතිබව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කළ දැනුම්දීමක් මත මෙම පිරිස ඉවත් කිරීමට නියෝග කර ඇත.

වේවැල්වත්ත මාර්ගය පුළුල් කිරීමේ කොන්ත‍්‍රාත් කටයුතු කළ සමාගමේ කාර්යාල තිබූ ගොඩනැගිලි පිහිටි ස්ථානයේ ඔවුන්ට මෙසේ තාවකාලිකව නවාතැන් සැපයීමට පියවර ගත් බව රත්නපුර ප‍්‍රාදේශීය ලේකම් සී.එම්. කෝට්ටවත්ත මහත්මිය පැවසුවාය.

ගලබඩ වත්තේ පාලනාධිකාරිය විසින් මෙම පිරිස් තාවකාලික නවාතැන් ස්ථාන වෙත ප‍්‍රවාහනය කිරීමට වාහන පහසුකම් සපයනු ලැබිනි.



අදහස් (0)

වේවැල්වත්ත පවුල් 83ක් ඉවත් කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 707 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1741 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site