සිතුම් චතුරංග
ජනතාව පීඩාවට පත් කරවන බඩුමිල අඩුකරන ලෙස රජයෙන් ඉල්ලා වවුනියාව ප්රදේශවාසීන් හා සිවිල් සංවිධාන අද (23) වවුනියාව නගරයේ විරෝධතාවක නිරතවිණි.
ගොවි කම්කරු අයිතින් සුරැකීමේ සංවිධානය විසින් විරෝධතා වැඩසටහන සංවිධානය කර තිබිණි.
විරෝධතාවයේ නිරතවූවන් පවසා සිටියේ කම්කරුවකු ලබා ගන්නා දෛනික වැටුපට හෝ රටේ පවතින මෙම ආර්ථික රටාව අනුව ජීවත්විය නොහැකි බවත් බඩුමිළ හා ඉන්ධන මිළ අඩුකර ජනතාවට සහන සලසන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.
ගොවි කම්කරු අයිතින් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු යු. අයුබ්කාන් මහතා පවසා සිටියේ රජය විසින් උතුරේ හා වෙනත් ප‍්‍රදේශවල මත්පැන් අලෙවිය වැඩිකරලීම සඳහා විශාල ව්‍යාපෘති ආරම්භ කරන බවත් ජීවත්වීම සඳහා මිනිසුන්ගේ අවශ්‍යතා තේරුම්ගෙන කිසිදු ව්‍යාපෘතියක් රජය විසින් ආරම්භ නොකර ඇති බවත්ය.
ගොවියාට හා කම්කරුවාට විශාල බදුපටවා දේශපාලඥයින් සුවසේ ජීවත්වන අතර දුප්පත් මනුස්සයාට ජීවත්විය හැකි ආර්ථික රටාවක් රටට සකස් කරන ලෙසටද ඉල්ලා සිටියේය.
පැය දෙකකට ආසන්න කාලයක් වවුනියාව නගරයේ විරෝධතාවය පැවැත්වූ අතර ඒ සඳහා වවුනියාව ප‍්‍රදේශවාසීන් ඇතුළු සිවිල් සංවිධාන රැසක් එක්ව සිටියහ.
(ඡායාරූපය - රොමේෂ් මධුෂංක)

2025 දෙසැම්බර් මස 18
485
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වවුනියාව ප්රදේශවාසීන් හා සිවිල් සංවිධාන උද්ඝෝෂණයක