සිතුම් චතුරංග
විවිධ මූල්‍ය ආයතන මගින් වැඩි පොලී අනුපාත යටතේ ලබාදෙන ක්ෂුද්‍ර මුල්‍ය ණය හේතුවෙන් උතුරේ කන්තාවන් වැඩි වශයෙන් පීඩාවට පත්ව සිටින බවත් ඒ පිළිබඳ රජයේ අවධානය යොමු කරන ලෙසත් ඉල්ලා වවුනියාව නැවත පදිංචි කළ ජනතාව හා සිවිල් සංවිධාන අද (14) වවුනියාව පැරණි බස්නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතවක නිරතවූහ.
වැඩි පොලී අනුපාත යටතේ ලබාගන්නා ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් උතුරේ කාන්තාවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විශාල වශයෙන් සියදිවි හානිකර ගැනීමේ සිද්ධීන් වාර්තා වන එම සිදුවීම් පිළිබඳ රජය හෝ පළාතේ දේශපාලඥයින් කිසිදු සොයාබැලීමක් සිදුනොකරන බව විරෝධතාකරුවෝ පවසති.
උතුරේ නැවත පදිංචි කළ ජනතාව ආර්ථික වශයෙන් විශාල ලෙස කඩාවැටීමට ලක්ව සිටින අවස්ථාවලදී විවිධ පෞද්ගලික ආයතන පැමිණ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීම් සිදුකරන බවත් පසුව තවදුරටත් එම ජනතාව ණය බරින් පීඩාවිදින බවද කීය.
විරෝධතාකරුවන් පවසා සිටියේ රජය නැවත පදිංචි කිරීම් සිදුකළ ද ඔවුන්ගේ ජීවනෝපාය ගැන මෙතෙක් සොයාබැලීම් සිදුකර නොමැති බවත් ජනතාව විකල්ප ලෙස මෙම ණය ලබාගැනීම් සඳහා යොමුවන බවත්ය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වවුනියාව පැරණි බස්නැවතුම්පොළ අසල විරෝධතාවයක්