IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වවුනියාව නගර සබේ සේවකයන් ඇතුළු මන්ත්‍රීවරුන් විරෝධයක

සිතුම් චතුරංග
          
වවුනියාව සාලම්බපුරම් හි කසල එක්රැස් කරන මධ්‍යස්ථානය වෙත කසල බැහැර කිරීමට ප‍්‍රදේශවාසීන් පිරිසක් ඉඩ ලබානොදීම හේතුවෙන් එයට විරෝධය පලකරමින් වවුනියාව නගර සභා සේවකයින් හා මන්ත‍්‍රීවරුන් අද (29) සිට යාපනය නුවර ඒ නවය  මාර්ගය අවහිර කර විරෝධතාවක නිරතවූහ.

වවුනියාව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට ඒ නවය මාර්ගයට කසල පැටවූ ට‍්‍රැක්ටර් රථ ලොරි රථ රැගෙන විත් මාර්ගය අවහිර කර විරෝධතාවයේ යෙදුණහ. මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා ඇතිවිය.

වවුනියාව නගර සභා බල ප‍්‍රදේශයේ, වවුනියාව දකුණ දෙමළ ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ මහජනතාව විසින් ඉවත් කරන කසල වසර 25 අධික කාලයක් සාලම්බපුරම් හි ස්ථානයක් වෙත බැහැරකිරීම් සිදු කළද ප‍්‍රදේශයේ ප‍්‍රබල කැබිනට් අමාත්‍යවරයකු අත්තනෝමතික ලෙස එම ස්ථානය අත්පත් කර නිවාස සෑදිම හේතුවෙන් එකතුවන කසල ඉවත් කිරීමට නොහැකිවී ඇති බව ඔවුහු පවසති.

විරෝධතාවය සඳහා නගර සභා නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ වවුනියාව දකුණ දෙමළ ප‍්‍රාදේශීය සභා නිලධාරීන් ද එක්ව සිටියහ.
 



අදහස් (0)

වවුනියාව නගර සබේ සේවකයන් ඇතුළු මන්ත්‍රීවරුන් විරෝධයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site