IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


වවුනියාව ඉඩමක පුපුරණ ද්‍රව්‍ය සොයා කැණීම්

 

 

(සිතුම් චතුරංග)

         

හිටපු කොටි සාමාජිකයකු වූ ‘තේවියන්’ නැමැත්තාගේ වවුනියාව උක්කුලාන්කුලම පිහිටි ඉඩම තුළ සඟවා ඇති බවට සැකකෙරෙන පුපුරණ ද්‍රව්‍ය සොයා වවුනියාව ආරක්ෂක අංශ හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ඊයේ (13)  කැණීම් ආරම්භ කරනු ලැබීය.

කොටි සංවිධානය ප‍්‍රතිසංවිධානය කිරීම සඳහා සුන්දරලිංගම් ගජීපන් හෙවත් තේවියන් ක‍්‍රියාකරමින් සිටියදී ආරක්ෂක අංශ සමඟ නෙදුන්කර්ණි කැළෑ ප‍්‍රදේශයක සිදුවූ වෙඩි හුවමාරුවකින් 2014 වසරේ දී ජීවිතක්ෂයට පත්විය.

කොටි සංවිධානය ප‍්‍රතිසංවිධානය කිරීම සඳහා ක‍්‍රියා කළ තේවියන් නැමැත්තාගේ නිවස පිහිටි ඉඩම තුළ පුපුරණ ද්‍රව්‍ය ඇති බවට ආරක්ෂක අංශ වෙත ලැබුණ තොරතුරකට අනුව වවුනියාව මහේස්ත‍්‍රාත් අධිකරණ නියෝග යටතේ කැණීම් ආරම්භ කළේය.

කොටි සංවිධානය ප‍්‍රතිසංවිධානය කිරීම සඳහා එක්රැස් කරන ලද පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඉඩමෙහි පවතින බවට සැක මතුවීම හේතුවෙන් ද කැණීම් ආරම්භ කළ බවයි.

පැය දෙකකට ආසන්න කාලයක් බැකෝ යන්ත‍්‍ර යොදා ගනිමින් තේවියන් නැමැත්තාගේ නිවස පිහිටි ඉඩමෙහි සැක කටයුතු ස්ථාන හතරක් කැණීම් කරනු ලැබීය.

කැණීම් කළ ස්ථානයන් හි කිසිදු පුපුරණ ද්‍රව්‍යක් හමුනොවීම හේතුවෙන් වවුනියාව මහෙස්ත‍්‍රාත් අධිකරණ නියෝග යටතේ කැණීම් කළ ස්ථාන වසා දැමීමට ආරක්ෂක අංශ ක‍්‍රියාකරනු ලැබිණි.

වවුනියාව පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා යුද හමුදාව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.



අදහස් (0)

වවුනියාව ඉඩමක පුපුරණ ද්‍රව්‍ය සොයා කැණීම්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31642 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14069 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 180 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1110 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site