රොමේෂ් මධුෂංඛ
වව්නියාව පට්ටානිචූර් ප්‍රදේශයේදී යතුරුපැදි අලෙවිසලක් තුළ ඇති වූ ගින්නකින් අලෙවිසැල තුළ තිබූ යතුරුපැදි 21 කට ගිනි ගෙන තිබීම හේතුවෙන් දැඩි ලෙස අලාභ හානි සිදුව ඇතැයි වවුනියාව පොලීසිය පවසයි.
යතුරුපැදි අලෙවිසැලේ හිමිකරු අද (25) උදෑසන අලෙවිසැල විවෘත කර බැලීමේදී යතුරුපැදිවලට ගිනිගෙන තිබෙනු දැක ඇති අතර පසුව එම අවස්ථාවේදීම වව්නියාව පොලීසියට දැනුම් දී ඇත.
වව්නියාව පොලීසිය විසින් අදාළ ස්ථානයට ගොස් කරන ලද පරික්ෂාවලදී අනාවරණය වී ඇත්තේ ගින්න හේතුවෙන් යතුරුපැදි 21 කට දැඩි හානි සිදුව ඇති බවත් අලෙවිසැලේ විදුලි කාන්දුවකින් ගින්න ඇතිවන්නට හේතු වූ බවට සැක පල වී ඇතැයි ද පරික්ෂණ සිදු කළ වව්නියාව පොලිසිය පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වවුනියාවේ අලෙවිසැලක යතුරුපැදි 21 ක් ගිනි ගනී