IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


‘වලස්මුල්ල පාරකට බොරළු වෙනුවට පස් දාලා‘

( ඩබි ඒ පියතිලක )

හිගුරක්ගොඩ ප‍්‍රාදේශිය ලේකම් බල ප‍්‍රදේශයේ මින්නේරිය වලස්මුල්ල ගම්මානයේ මාර්ගයක් ප‍්‍රතිසංස්කරණයේදි  කොන්ත‍්‍රාත්කරු විසින් බොරඑ වෙනුවට පස් දමා ඇතැයි ගම්වාසීහු පවසති.

මේ නිසා මාර්ගය භාවිතා කළ නොහැකි වීමෙන් කොන්ත්‍රාත්කරු සහ තමන් අතර බහින් බස්වීමක් සිදුව ඇති බවත් මෙම ගැටළුව පොලිසියටත් ප‍්‍රාදේශිය ලේකම්වරියටත් පැමිණිලි කළ බවත් ඔවුහු පැවසූහ.

අදාළ මාර්ගය පැවති ආකාරයටම පැවතියේ නම් හොඳ බවත් බොරඑ වෙනුවට පස් දමා මාර්ගයේ යාමටවත් නොහැකි වී ඇති බවත් මෙය රටේ මුදල් විනාශ කරන අපරාධයක් බවත් ඔවුහු කීහ.

අදාළ කොන්ත්‍රාත්කරුගෙන් කළ විමසීමකදී පැවසුවේ අදාළ මාර්ගයට මඩ නොදැමූ බවත් දැමූ බොරඑ පසුගිය දිනවල පැවැති වැස්ස හේතුවෙන් මඩ වී ඇති බවත් ය.වර්ෂාව නතර වු සැණින් මාර්ගය හොඳට සකසන බවද ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් ආර්.එම්.ඩී  පුෂ්ප කුමාරි මහත්මියගෙන් කළ විමසීමකදී මෙසේ පැවසීය.

“ඔය කියන පාර බලන්න මම ගියා. ඒ අවස්ථාවේ පාරේ යන්න තියා හිතන්නවත් බැරි තරමටම මඩ වෙලා.බොරඑ නෙවේ මඩගොඩක් පාරේ තිබුණේ.මම වහාම නිලධාරින්ට දැනුම් දුන්නා පාර යථාතත්වයට පත් කරන තුරු කොන්ත‍්‍රාත්කරුට මුදල් නොගෙවන ලෙස. ඒ අනුව මාර්ගය නිසි ලෙස සැකසිමෙන් පසු නැවැත මා එම ස්ථානයට ගොස් පරික්ෂා කිරිමෙන් පසු තමයි මුදල් ලබා දෙන්නේ “



අදහස් (3)

‘වලස්මුල්ල පාරකට බොරළු වෙනුවට පස් දාලා‘

sasath Tuesday, 14 November 2017 11:32 AM

ෆොටෝ එකනම පේනවා පාරේ තත්ත්වය .

:       0       5

rama Tuesday, 14 November 2017 12:19 PM

මේක හදපු පාරක්ද කියල බැලුවේ...

:       0       1

kapila Wednesday, 15 November 2017 06:17 AM

අද රටට ලොකු හානියක් වෙලා රජයේ වගකිව යුතු නිලධාරීන් තමන්ගේ වගකීම අවබෝධ කර නොගෙන වේද කිරීම..ඉංජිනේරු මහත්වරුනි තාක්ෂණික නිලධාරීන් රටේ සංවර්ධන වෙනුවෙන් වෙන්කරන මුදල් වැරදි ලෙස ව්‍යප්පෘති වලට යෙදවීම ඔබගේ ප්‍රධාන වගකීමි..රටේ රණවිරුවන් ත්‍රස්තවාදයෙන් රට බේරගත්ත සේම මේ රට සංවර්දනය වෙනුවෙන් වෙන්කළ මුදලින් කොන්ත්‍රාත් කරුට අසීමිත ලාභ ලබා ගැනීමට නොහැකි වන ලෙසට ඇස්තමේන්තු සකසා අනුමත නොකරන්න ..රටේ බදු මුදලින් වැටුප් ලබන ඔබගේත් මගෙත් එකම වගකීම මේ රටේ මිනිස්සුන්ට සේවය කිරීම. ඒ අය වෙනුවෙන් ඔබගේ දැනුම හා කැපවීම රටවෙනුවෙන් යොදන්න රටට ණය නැති රජයේ සේවකයෙක් වෙන්න ...

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 709 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2378 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site