පාලිත ආරියවංශ
වැල්ලවාය බලහරුව කනිෂ්ඨ විද්‍යාලයේ ගුරුහිඟයට විසඳුම් ලබාදෙන්නැයි ඉල්ලා සිසුන්ගේ දෙමාපියන් 300 දෙනෙකු පමණ අද (27) බස්රථ තුනකින් බදුල්ලට පැමිණ ඌව පළාත් සභාව ඉදිරියට රැස්වූහ .
ගුරුවරු 17 දෙනෙකුගේ හිඟයක් පවතින බැවින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට එය විශාල බාධාවක් වී ඇතැයි ඔවුහු පවසති.
මේ පිළිබඳව වැල්ලවාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසඳුම් ලබානොදෙන බවට චෝදනා කරමින් මෙම පිරිස ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට සංදේශයක් ඉදිරිපත් කළේය.
මෙම පිරිසගේ නියෝජිතයන් කීපදෙනෙකු ප්‍රධාන අමාත්‍යාවරයා හමුවී එම සංදේශය බාරදී තම ගැටලුව පිළිබඳව සාකච්ඡා කළ අතර ගුරුවරු සිව් දෙනෙක් ලබාදෙන බවටත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා හමුවන ලෙසටත් දැනුම් දුන්නේය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
වැල්ලවාය දෙමාපියෝ ගුරුවරු ඉල්ලා පළාත් සභාවට එති