( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
විල්පත්තුව ජාතික වන උද්‍යානයේදි ගෝනන් මරා මස් වියළා අලේවි කිරීමේ නිරතව සිටි සැකකරුවන් දෙදෙනෙකු ගිනි අවි දෙකක් සමග අද( 21) අත් අඩංගුවට ගත් බව වනාතවිල්ලුව පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ වනාතවිල්ලුව එළුවන්කුලම හා කරතිව් සිංහනාගවිල්ලුව ප්‍රදේශවල පදිංචි කරුවන් දෙදෙනෙකී.
එසේම මෙම සැකකරුවන් තවත් දඩයම් කරුවන් සමග එක්වි විල්පත්තුව ජාතික වන උද්‍යානය තුළ සැරිසරන ගොනන් මරා උද්‍යානය තුළම වේලා ගෙන ඉන් පසුව ධිවර යාත්‍රා මගින් කල්පිටිය ට රහසේ ප්‍රවාහනය කරන බවටද තොරතුර ලැබි ඇති බවද කියයි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් කරතිව් ඌරලිය කලපු තිරයේ ධිවර වාඩියක රැදි සිටියදී වියලන ලද ගොන මස් කිලෝ 07ක් හා බලපත්‍ර නොමැති බොර 12 ගිනි අවි දෙකක් සහ හිස් පතොරම් කොපු හතරක් ද සමග පොලිස් කණ්ඩායම රැකවල්ලා සිට අත් අඩංගුවට ගෙන තිබුණි
අත් අඩංගුවට ගත් සැකකරුවන් 21 දින දහවල් පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනී.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විල්පත්තු වනයේ ගෝන්නු මැරූ දෙදෙනෙක් අත්අඩංගුවට