IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


වාරියපොළ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ වාහනයකට ගහක් කඩා වැටෙයි

(ප්‍රියානි මංගලිකා )

වාරියපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් වාහනයක් මතට ගසක් කඩා වැටීමෙන් ,වාරියපොල හලාවත ප්‍රධාන මාර්ගයයේ දී  අද (12) සිදු වූ  අනතුරින්  බරපතල තුවාල ලැබූ රියදුරා රෝහල් ගතකල බවත් අනතුරින් වෛද්‍යවරයෙක් ඇතුලු තිදෙනෙක්  දිවි බේරාගෙන ඇති බවද  වාරියපොල පොලීසිය පවසයි .

           
සායන කටයුත්තක් සඳහා වෛද්‍යවරයෙකු,මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතෙකු ,සහ තවත් සේවකයෙකු ගමන් කරමින්  සිට ඇති අතර මාර්ගය අද්දර වු ගසක් ගමන් කරමින් තිබු වාහනයමතට කඩා වැටීමෙන් අනතුර සිදුව ඇත.
                  

අනතුරින් තුවාල ලැබු රියදුරා ,වාරියපොල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල මහ රෝහලට මාරු කර යවා ඇති බවද පොලීසිය පවසයි .
                   
සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.



අදහස් (0)

වාරියපොළ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ වාහනයකට ගහක් කඩා වැටෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 774 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2413 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site