IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වීරකැටියේ සිද්ධියේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

(චන්ද්‍රසේන ගමගේ)

වීරකැටිය ගජනායක ගම දී  වෙඩි තබා 15 වැනි වියේ පසු වූ දරුවෙකු මරා දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ගජනායක ගම සුද්ධා හා තවත් සැක කරුවෙකු ලබන මස 05 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට වලස්මුල්ල දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු මහේස් වාකිස්ට මහතා අද (22) දින නියෝග කළේය.

මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (21) දින රාත්‍රී ගෝනදෙනිය වන රක්ෂිතය තුළ සැගවී සිටියදී වීරකැටිය පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.

මෙම ඝාතනයට සම්බන්ධ සැක කරුවන් තිදෙනෙකු සිද්ධිය වූ දින ම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන 21  දින වලස්මුල්ල අධිකරණයට ඉදිරිපත් කොට බන්ධනාගාර ගත කොට තිබුණි.

ඊයේ දින අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ මොහොට්ටිගේ තිලක් හෙවත් සුද්ධා සහ වී බදු මුහන්දිරම්ගේ ජීවසිරි යන සැක කරුවන් දෙදෙනාය.

සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් වලස්මුලල දිසා අධිකරණයේ කිසිදු නීතිඥ වරයෙකු ඉදිරිපත් නොවීම විශේෂ සිද්ධියක් වූවේය.

අත් අඩංගුවට පත් සැක කරුවන් සන්තකයේ තිබූ  වෙඩි තබන ලද බවට සැක කෙරෙන ගිණි අවියක්ද පොලීසිය විසින් සොයා ගෙන තිබුණු අතර එම ගිණි අවියද ඊයේ  දින අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

ඉකුත් 19 වැනි දින වෙඩි තබා ඝාතනය කොට තිබුණේ මොහොට්ටිගේ සචින්ත නිම්සර නම් 15 වැනි වියේ පසු වූ දරුවෙකු වන අතර ඔහුගේ අවසන් කටයුතු ඊයේ දිනයේදී ගජනායක ගමදී සිදු කරනු ලැබීය.

වීරකැටිය පොලීසියේ ස්ථානාධිපති පො.ප. කැළුම් සංගීත්  අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප.ජයසුන්දර ,ප්‍රේමරත්න,පො.සැ.12677 දයාරත්න,40655 ෂෙල්ටන්,62449 කරුණාරත්න 40643 චමින්ද, පො.කො.70223 රසික ,26647 ලහිරු,පො.කො.රි. කලුආරච්චි යන නිළධාරීන් විසින් සැක කරුවන් අත් අඩ්ගුවට ගනු ලැබීය.අධිකරණ කටයුතු මෙහෙයවනු ලැබුවේ පො.සැ. 25450 රාජරත්න විසින්ය.



අදහස් (2)

වීරකැටියේ සිද්ධියේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

විජේ Thursday, 23 September 2021 02:21 AM

අපරාදෙ නඩු අහන්න යන කාලය සහ මුදල්. ආයුධ පෙන්නන්න එක්ක ගියානං තමයි හරි.

:       0       4

fairoos Thursday, 23 September 2021 05:54 PM

විජේ ,ෂරියා නීතිය හොඳයිද ද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 688 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site