IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වායු සමීකරණ යන්ත්‍ර 30ක් සොරාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

(කේ බුද්ධික කුමාරසිරි) 
 
අතුරුගිරිය නගරය ආසන්නයේ ඉදි කරමින් පවතින නවීනතම නිවාස සංකීර්ණයක ගබඩාවක් කඩා එහි තිබූ වායු සමීකරණ යන්ත්‍ර 30ක් සොරකම් කළ පුද්ගලයින් දෙදෙනෙකු සහ එම යන්ත‍්‍ර මිලදී ගත් ව්‍යාපාරිකයකු අද (27)  සැකපිට අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.
 
එම නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු බාර සමාගම මගින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකර මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.
 
එම නිවාස සංකීර්යෙහි සවිකර තිබූ ආරක්ෂක කැමරා පද්ධතියේ සටහන්ව තිබූ දර්ශන අනුව වැඩ බිමෙහි සේවය කළ පුද්ගලයින් දෙදෙනෙකුගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීමේදී හෙළි වූ කරුණු මත අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට පත්ව ඇත්තේ ති‍්‍රකුණාමලය සහ ගිනිගත්හේන ප‍්‍රදේශවල පදිංචිකරුවන් වන වයස අවුරුදු 19 ත් 21 ත් අතර වන අදාළ වැඩ බිමෙහි සේවයෙහි නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු සහ සොරකම් කරන ලද වායු සමීකරණ අඩු මුදලකට මිලදී ගෙන තිබූ වත්තල ප‍්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

වායු සමීකරණ යන්ත්‍ර 30ක් සොරාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site