IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ව්‍යාපාරිකයාගෙන් කප්පම් ගත් කාන්තාවක් අත්අඩංගුවට


 
 
 
දිපාල් ද සිල්වා
 
 
 
අපරාධ රැසකට සම්බන්ධ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින කොස්ගොඩ තාරකගේ නම භාවිතා කරමින් දුරකතනයෙන් ව්‍යපාරිකයකුගෙන් රුපියල් 5000/- ක මුදල් ගත් කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
 
බලපිටිය ප්‍රදේශයේ ව්‍යපාරිකයකුට දුරකතනයෙන් අමතා තමා කොස්ගොඩ තරක බව පවසමින් රුපියල් ලක්ෂයක් තම නඩු කටයුතු වලට අවශ්‍ය වී තිබෙන බව පවසා මුදල් ලබා දෙන ලෙසටත් පොලිසීයට මේ බව දැනුම් නොදෙන ලෙසටත් කප්පම්කරු තර්ජනය කර තිබේ. 
 
පසුව ව්‍යපාරිකයා සහ ඔහුගේ පවුලේ අය භිතියට පත්කර කියා ගත නොහැකිව රාත්‍රීය පහන් කර තිබේ. පසුව කප්පම්කරු දැනුම් දී ඇත්තේ මුදල් ලබා ගැනීමට නිවසට  පුද්ගලයකු එවන බවයි.
 
මේ ගැන අම්බලන්ගොඩ පොලිසීයේ පොලිස් විශේෂ කාර්යංශයට දැනුම් දී ලද උපදෙස් මත  ව්‍යපාරිකයා කටයුතු කර තිබේ.
  
කොස්ගොඩ තාරක නමින් පෙනී සිටින කප්පම්කරු මුදල් ලබා ගන්නා ආකාරය මාරුකර ඇමතුමක් ලබාදී ඇත්තේ බලපිටිය නගරයේ සතොස වෙළඳසැලේ සිටින සේවිකාවකට ලබාදෙන ලෙසටයි. 
 
පොලිස් නිලධාරින් සතොස තුළ රැකවල්ලා සිටියදී ව්‍යපාරිකයා අදාළ මුදල සේවිකාවට බාරදෙන අවස්ථාවේ සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.
 



අදහස් (0)

ව්‍යාපාරිකයාගෙන් කප්පම් ගත් කාන්තාවක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 448 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site