(අජිත්ලාල් ශාන්තඋදය)
මෙවර ශිෂ්‍යත්ව විභාග ප‍්‍රතිඵල අනුව සබරගමු පළාතේ රත්නපුර සහ කෑගල්ල දිස්ත‍්‍රික් දෙකේ ජනප‍්‍රිය නොවන ග‍්‍රාමීය පාසල්වලින් ඉහළ ප‍්‍රතිඵල ලැබී ඇති බව සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලෙකම් මහින්ද එස්. වීරසූරිය මහතා පවසයි.
පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ක‍්‍රියාත්මක කළ ‘සිසුසවිය’වැඩසටහන සහ සම්මන්ත‍්‍රණ මාලාව ඊට පිටිවහලක් වූ බව ඒ මහතා පැවසුවේ ය.
පසුගිය මැයි මාසයේ ඇතිවූ ගංවතුර සහ නායයාම් විපත්වලින් සබරගමු පළාතේ පාසල් 117ක් හානියට පත්ව තිබියදී එහි බලපෑම ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටින දරුවන්ට නොදැන සේ ඉගැන්වීම් ක‍්‍රියාවලිය කළ ගුරුභවතුන්ටත් ඉගෙනගත් දරුවන්ටත් දරුවන්ගේ මානසික සංවර්ධන පරිසරය සැකසූ මව්පියන්ටත් ස්තුතිවන්ත වන බව ද ලේකම්වරයා පැවසුවේ ය.
මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ලංකාවේ දෙවැනි තැන සහ සිව් වැනි තැන් ඇතුළුව ඉහළ මට්ටමේ ප‍්‍රතිඵල සබරගමු පළාත්ට හිමිකර දීම ගැන ස්තූති වන බව වීරසූරිය මහතා කීවේය.
පළාත් අධ්‍යාපනය ඉහළ නැංවීමේ වැඩසටහන් කරගෙනයාමට සහාය දීම, පූර්ණ අනුග‍්‍රහය දීම ගැන සහ පළාත් අතරින් අධ්‍යාපන මට්ටමින් පහළ සිටි සබරගමු පළාතට අධ්‍යාපනයෙන් ඉහළ ප‍්‍රතිඵල පෙන්වන්නට ඔවුන්ගෙන් දුන් දායකත්වය වෙනුවෙන් සබරගමු පළාතේ හිටපු මහ ඇමති මහීපාල හේරත්, හිටපු අධ්‍යාපන ඇමති භාණු මුණිප‍්‍රිය යන මහත්වරුන්ට ස්තූතිවන්ත වන බවද ලේකම්වරයා කීය.
‘‘මේ වනවිට පළාත් සභාව විසුරුවලා තියෙන්නේ. දැන් පාලනය ගෙනියන්නේ ගරු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මැතිතුමා කරගෙන ආ වැඩපිළිවෙල අඛණ්ඩව කරගෙන යන්න අපිට විශාල සහයෝගයක් දෙනවා. ඒ නිසා ඉදිරියේ පැවැත්වෙන විභාගවලිනුත් අපිට ඉහළ ප‍්‍රතිඵල අපි අපේක්‍ෂා කරනවා. මෙවනවිට පළාතේ ගුරු හිඟය විසඳලා, ගුරු විෂමතා ඉවත් කරලා, ගම සහ නගරය කියලා බේදයක් ඇති නොකර සම අධ්‍යාපන මට්ටමක් ලබාදීම තමයි මේ ඉහළ ජයග‍්‍රහණයන්ට හේතුව’’ යැයි පළාත් අධ්‍යාපන ලේකම්වරයා පැවසුවේ ය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
විපතින් නොවැටුණු සබරගමුව ශිෂ්‍යත්ව හපනුන්ට ස්තූතිය