වසන්ත චන්ද්‍රපාල
අම්පාර උහන පොලිස් බල ප්‍රදේශයේ හිමිදුරාව හතේ ඇලේ ගම්මානයේදී වන අලියකු පහරදීම නිසා 53 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
ඊයේ (1) රාත්‍රී 8 පමණ මෙම පහරදීම සිදුවී තිබේ. තම වත්තේ ශබ්දයක් ඇසී එය බැලීමට එළියට ගිය අවස්ථාවේ මෙම කාන්තාව වන අලි ප්‍රහාරයට ලක්වී තිබේ.
පසුව මෙම කාන්තාව අම්පාර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වෙන විට ද ඇය මිය ගොස් සිටි බව අම්පාර මහා රෝහලේ වෛද්‍යය අධිකාරි ලංකාතිලක ජයසිංහ මහතා පැවසීය.
මෙසේ මියගොස් ඇත්තේ හිමිදුරාව හතේ ඇල ගම්මානයේ පදිංචි සුමනාවතී නැමැති 53 හැවිරිදි කාන්තාවකි. මෙම සිදුවීම පිළිබඳව උහන පොලිසීය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
448
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වන අලි පහර දීමකින් කාන්තාවක් මරුට