IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


වන අලි පහරදීමකින් දෙදරු පියා මරුට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ  ප්‍රියානි මංගලිකා)
 
ආණමඩුව වල්පාළුව ලීකොළ වැව ප්‍රදේශයේදී වන අලි පහරකින් අද(2) පුද්ගලයකු මියගොස් ඇතැයි ආණමඩුව පොලිසිය පවසයි. 
 
මියගොස් ඇත්තේ ලී කොලවැව පදිංචි 55 හැවිරිදි ඒ.එච්.එම්. දයාරත්න නැමති දෙදරු පියෙකි. 
 
සිද්ධියෙන් පසු කෝපයට පත් ප්‍රදේශවාසීන් ආණමඩුව වල්පාළුව මාර්ගය වසා දමා විරෝධය මතුකර තිබූ අතර, වනජීවි නිලධාරීන් හා ආණමඩුව පොලිසිය රාත්‍රියේම පැමිණ මාර්ගය විවෘත කිරීමට උත්සාහ කර ඇත.  එය ව්‍යර්ථ වීම හේතුවෙන් අද උදෑසන නැවත පොලිසිය මැදිහත්ව මාර්ගය විවෘත කර ගමනාගමනයට ඉඩ සකසා තිබිණි. 
 
වල්පාළුව ඇතුළු ප්‍රදේශවල අලි 10 - 15 ත් අතර රංචුවක් සැරිසරමින් වගා වනසමින් සිටින බව ගම්මු පවසති.



අදහස් (0)

වන අලි පහරදීමකින් දෙදරු පියා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32415 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14918 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9890 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 107 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 385 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1315 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site