(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වනජීවි දෙපාර්තුමේන්තුව විසින් ප්‍රථම වරට ඩ්‍රෝන තාක්ෂණය යොදාගෙන ගම් වැදි සිටින වල් අලි පලවා හැරිමේ මෙහෙයුමක් අද (7) පුත්තලම කල්අඩිය ගල්වල ප්‍රදේශයේදී ආරම්භ කළේය.
පුත්තලම සහ ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇති රක්ෂීත තුළ හා එළි පෙහෙලි නොකල පුද්ගලික ඉඩම් තුළ වල් අලි 50 කට ආසන්න ප්‍රමාණයක් ඇති බවත් එම වල් අලි ගම්මාන වෙත කඩා වැදි වගා හානි සහ ජන ජීවිතයට එල්ල කරන පීඩාවන් වැළැක්වීම සඳහා වනජීවි දෙපාර්තුමේන්තුව දින දහයක මෙහෙයුමට ඩ්‍රෝන කැමරා තාක්ෂණය ලබා ගැනීමට කටයුතු කර තිබේ.
පුත්තලම ප්‍රාදේශීය ලේකම් සංජීවනි හේරත් මහත්මිය ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයෙන් කළ ඉල්ලීමක් අනුව අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ නිලධාරින් විසින් ඩ්‍රෝන කැමරා ලබා දී ඇත.
ඩ්‍රෝන කැමරා යොදාගෙන වල් අලි සිටින ස්ථාන සොයා ගත් පසු වල් අලි පලවා හැරීමට යොදවන කාලය අවම කර ගැනීමට හැකිවන බවත් අලි වෙඩි පුපුරවා හැරීම අඩු වන බවත් පුත්තලම දිස්ත්‍රික් සහකාර වනජීවි අධ්‍යක්ෂ ඩබ්ලිව් .එම්.කේ.එස් චන්ද්‍රරත්න මහතා පැවසීය.
දින 10 ක මෙහෙයුමේදී වල් අලි පුත්තලම සෙල්ලන්කන්ද රක්ෂීතයට පලවා හැර විදුලි අලි වැට ශක්තිමත් කිරීමට වනජීවි දෙපාර්තුමේන්තුව කටයුතු යොදා තිබේ.
මෙම මෙහෙයුම් සඳහා පුත්තලම මූලස්ථාන පොලිසිය , පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ප්‍රදේශයේ පුද්ගලික ආයතනද දායකත්ය ලබා දී තිබේ.




2025 දෙසැම්බර් මස 18
303
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වන අලි පලවා හැරීමට ඩ්‍රෝන තාක්ෂණය