IMG-LOGO

වන අලි ප්‍රහාරයකින් සිව්දරු පියකු මරණයට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ඔගස්ටින් ප්‍රනාන්දු)

 

මහකුඹුක්කඩවල ලීකොලවැව ප්‍රදේශයේ  පුද්ගලයකු වන අලි පහර දීමකින් මරණයට පත්වි ඇති බව ආණමඩුව පොලිසිය පවසයි .

මෙසේ මරණයට පත්වි ඇත්තේ ලිකොලවැව පදිංචි ඒ .එච්.එම් .සේමසිංහ නැමති ( 60 ) හැවිරිදි සිව් දරු පියකු බව කියයි.

මරණයට පත් තැනැත්තා තම බිරිද සමග නිවසේ සිටි ඇති බවත් අලියා ඉඩමට ඊයේ (5) රාත්‍රියේ කඩා වැදි භෝග වගාවන් වනසමින් සැරිසරා ඇති බවත් පසුව අලියා නිවස අසලට එකවර කඩා වැදි ඇති බව කියයි.

ඒ සමගම අලියාගෙන් බේරිමට මුළුතැන්ගෙය තුලට රිංගා සැගවි ඇති නමුත් එකවර පැමිණි අලියා මුළුතැන්ගෙයි සිටි ගෙහිමියා එළියට ඇද දමා පහර දි ඇති බව පොලිසිය කියයි.

තුවාලකරු ආණමඩුව රෝහලට රැගෙන යමින් සිටියදී මරණයට පත්වි ඇති බව පොලිසිය පවසයි.



අදහස් (0)

වන අලි ප්‍රහාරයකින් සිව්දරු පියකු මරණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 71 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 985 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site