(චන්ද්‍රසේන ගමගේ)
දින කිහිපයක් තිස්සේ ගම්වැදී ඇති වන අලින් දෙදෙනකු නිසා වලස්මුල්ල අවට ප්‍රදේශ රැසක ජනතාව භීතියට පත්ව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
මීටදින හතරකට පමණ පෙර උඩලවලව ප්‍රදේශයෙන් හෝ සූරියවැව ප්‍රදේශයෙන් පලා ආ බවට සැක කෙරෙන මෙම වන අලින් දෙදෙනා මේ වන විට වලස්මුල්ල නතුවල ප්‍රදේශයේ සැරි සරන බවට වන ජීවී නිලධාරීහු පවසති.
වන අලින් දෙදෙනා කොටු කර ගැනීම සදහා හම්බන්තොට, බූන්දල ,කළමැටිය හා උඩවලව වනජීවී කාර්යාලවල වන ජීවී නිලධාරීහු රැසක් දැඩි උත්සහයක නියැළි සිටිති.
ජීවිත හානියක් වීමට පෙර අලින් දෙදෙනා නිර්වින්දනය කර අල්ලා ප්‍රදේශයෙන් ඉවත් කළ යුතු බව වනජිවී නිලධාරීහු කියති.මේ දිනවල වන ජීවී වෛද්‍යවරුන් දියත් කර ඇති අකුරට වැඩ වෟත්තීය ක්‍රියා මාර්ගය නිසා එය කිරීමට බාධාවක් වී ඇතයිද ඔවූහූ පවසති.
“වන ජීවී වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියා මාර්ගය නිසා වන අලින් දෙදෙනා කොටු කර ගැනීමට බාධා පැමිණ තියෙනවා.වන ජීවී ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ගුවන් හමුදාවෙන් කළ ඉල්ලිමකට අනුව ගුවන් හමුදාවේ නිර්වින්දන වෛද්‍යවරුන් පැමිණීමට නියමිතයි.ඉන් අනතුරුව වනඅලීන් දෙදෙනා කොටු කර ගැනීමට හැකි වේවි.“ යැයි දකුණු දිසාව භාර සහකාර වන ජීවී අධ්‍යක්ෂ ප්‍රසන්ත විමලදාස මහතා පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වන අලි දෙන්නෙක් නිසා වලස්මුල්ල බියෙන්