ජුඩ් සමන්ත සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ
වන අලින් එළවමින් සිටි ග්‍රාමාරක්ෂකයෙකු වන අලි ප්‍රහාරයකින් මිය ගොස් ඇති බව පුත්තලම පොලීසිය කියයි.
අද සවස පුත්තලම කිවුල ගොවි ව්‍යාපාරයේදී මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් මිය ගොස් ඇත්තේ කරුවලගස්වැව වන ජීවී කාර්යාලයට අනියුක්තව සේවය කරමින් සිටි ග්‍රාමාරක්ෂක භටයෙකු වන තෙන්නකෝන් මුදියන්සේලාගේ නිමල් රංජිත් තෙන්නකෝන් (අවු:53) නම් අයෙකි.
පුත්තලම - කිවුල ප්‍රදේශයට කඩා වැදී ඇති වන අලින් පිරිසක් එළවීමේ මෙහෙයුමක් වන ජීවී නිලධාරීන් 17 වැනිදා ආරම්භ කර ඇත. එම මෙහෙයුමට කරුවලගස්වැව වන ජීවී කාර්යාලයට අනියුක්තව සේවය කරන ග්‍රාමාරක්ෂක භටයින් දෙදෙනෙකුද එක්ව සිට ඇත.
වන අලි ප්‍රහාරයට ලක්ව ඇත්තේ එසේ වන ජීවී කාර්යාලයට අනියුක්තව සේවය කරමින් සිටි ග්‍රාමාරක්ෂක භටයෙකි. අලියා එළවාගෙන එන විට දුවද්දී වැටී තුවාල ලබා ඇති අනෙක් ග්‍රාමාරක්ෂක භටයා ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වන අලි එළවන්න ගිය ග්‍රාමාරක්ෂකයා අලි ප්‍රහාරයෙන් මරුට