ඉතාලියේ වැනිස් නුවරට ගලා එන වැඩි මුහුදු ජලය පාලනය කිරීමට ලිඩෝ මෝයකට මැදින් ඉදිවෙමින් පවතින මෝසේ බැම්ම ඉදිකරන සමාගමෙන් අල්ලස් ලබාගත් දේශපාලකයන් ඇතුළු 34 දෙනෙක් ඉතාලි පොලිසියෙන් පසුගියදා ක්‍රියා කළේය.
යුරෝ කෝටි 500ක (රුපියල් කෝටි 8650000000 ) වටිනාකමකින් යුත් මෝසේ ව්‍යාපෘතිය ඉතාලියේ ෆින්කොන්ති සමාගම විසින් 2003 වර්ෂයේදී ඇරැඹිණි. එය මේ වන විට අවසන් අදියර දක්වා පැමිණ තිබේ.
වඩදිය වැඩි කාලයට මුහුදු ජලයෙන් වැනීසිය ආරක්ෂා කර ගැනීම මෙහි අරමුණය. මීටර් දෙකකට ආසන්න උසකින් පැමිණෙන වැඩි මුහුදු ජලය ඉබේ එසවෙන ප්ලාස්ටික් බැම්මක ආධාරයෙන් නතර කිරීම සඳහා ඉදි කිරීම් සිදුවෙයි.
පසුගිය නගරසභා ඡන්දයේදී වර්තමාන වැනිස් නගරාධිපති ජෝර්ජෝ ඔර්සානිට ෆින්කොන්ති සමාගම යුරෝ පන්ලක්ෂ හැටදහසක් (රුපියල් 96880000)ලබා දී ඇති බවටත් හිටපු වැනේතෝ පළාත් ආණ්ඩුකාර ජන්කාර්ලෝ ගලාන් සුඛෝපභෝගී නිවසක් මෙන්ම යුරෝ ලක්ෂ හතලිහකට(රුපියල් 6920000000) ආසන්න මුදලක් අල්ලස් වශයෙන් ලබාගෙන ඇති බවට ලැබුණු තොරතුරු මත ඔවුන් දෙදෙනා ඇතුළු එසේ අල්ලස් ලබා ගත් හා අනුබල දුන් 34 දෙනෙක් පසුගියදා පොලිස් අත්අඩංගුවට ගනු ලැබුහ.
ඉතාලි අල්ලස් හා දුෂණ මර්දන පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති විතෝ බාරදී ඇතුළු ඉහළ පෙළේ පොලිස් නිලධාරින් තිදෙනෙක් මේ අතර වෙති.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වැනිස් වඩදිය බාධකයට පුරපති යටවේ