IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


වෙන්නප්පුව වෙරළේ මළසිරුරක්

( වෙන්නප්පුව - රවින්ද්‍ර ලියනගේ )
මාරවිල කටුනේරිය  මුහුදු වෙරළේ සිටියදි රැළි පහරකට ගසාගෙන ගිය 18 හැවිරිදි තරුණයකුගේ සිරුරක් අද (22) උදෑසන වෙන්නප්පුව කොළින්ජාඩිය වෙරළට ගොඩ ගසා තිබියදි  සොයා ගත් බව පොලිසිය කියයි.

අංක 61 රිටා පෙදෙස නාගසේන, ලිදුල ලිපිනයේ පදිංචි නයන්ත නිරෝෂ විජේරත්න යන තරුණයා මෙලෙස මිය ගොස් ඇත.

මිතුරන් දෙනකු සමග මියගිය තරුණයාගේ කටුනේරියේ පිහිටි සිය පෙම්වතිගේ නිවසට පැමිණ එම තරුණිය සමග මුහුදු වෙර‍ළට ගොස් සිටියදි මෙම අනතුර සිදුවි ඇති බව පොලිසිය කියයි.

මුහුදු රැළට ගසාගෙන ගිය සිය පෙම්වතා බේරා ගැනිමට තැත්කල ‍තරුණියද රැලකට ගසා ගෙන යමින් සිටියදි  අවට සිටි පිරිස් බේරා ගෙන ඇති අතර ඇය මේවන විට මාරවිල මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නිය.
මාරවිල සහ වෙන්නප්පුව පොලිස් ස්ථාන අනතුර ගැන පරික්ෂණ පවත්වයි.



අදහස් (0)

වෙන්නප්පුව වෙරළේ මළසිරුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 742 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 375 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 511 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site