IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


වෙන්නප්පුවේ කූට ලෙස ඉඩම් කට්ටිකර අලෙවි කිරිමේ ජාවාරමක්


                                                                                                                                                                                    
(චන්දනප‍්‍රනාන්දු)                                                    
                                                            
වෙන්නප්පුව ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ ඉඩම් කට්ටි කර අලෙවි කරන සමහර ආයතන  සභාවෙන් ඉඩම් සංවර්ධනය කිරිමට ලබාදෙන අවසරයට මුවා වී වංචාවක් කර ඉඩම් කට්ටි කර අලෙවි කිරිමේ කූට ජාවාරමක නිරත වෙමින් සභාවේ නීතිරිති සභාවේ බලය හෑල්ලු කරමින් සිටින බව වෙන්නප්පුව ප‍්‍රාදේශීය සභාවේ පාලක පක්ෂයේ මන්ත‍්‍රී ජූඩ් උඩුගම්පල මහතා ප‍්‍රාදේශීය සභා රැස්වීමේදී අනාවරණය කළේය.


ඉඩම් කට්ටි කර අලෙවි කිරිමට පෙර එම ආයතන විසින් කොන්දේසි ගණනාවක් සැපිරිය යුතු බවත් එලෙස එම කොන්දේසි කිසිවක් සම්පූර්ණ නොකර වෙන්නප්පුව ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ ඉඩම් ගණනාවක් මේ වනවිටත් අලෙවි කරමින් තිබෙන බවයි.


මේ හේතුවෙන් එම ඉඩම් මිලදී ගන්නා ජනතාව ගැටළු රැසකට මුහුණ දී තිබෙන බව මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේය.


බණ්ඩිරිප්පුවේ හා බොරලැස්සේ මෙවැනි ඉඩම් දෙක කොන්දේසි සම්පූර්ණ නොකර අලෙවි කරමින් හා අලෙවි කිරිමට බැනර් පවා යොදා තිබීම නීතිවිරෝධි කටයුත්තක් බැවින්  සභාවේ අවධානය යොමු කර මෙවන් කූට ජාවාරම් වැළැක්වීමට පියවර ගත යුතු බවත් පැවසීය.
                                                                     
 



අදහස් (0)

වෙන්නප්පුවේ කූට ලෙස ඉඩම් කට්ටිකර අලෙවි කිරිමේ ජාවාරමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31680 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14143 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11120 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 190 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1121 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 309 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site