IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වනජීවී ඇමැති කල්පිටියේ ගැටලු සොයයි

(පද්මා කුමාරී කංකානම්ගේ)
 
වනජීවී සංරක්ෂණ පනතට අදාළ වගකීම් සහ රාජකාරී කල්පිටිය අර්ධදීපය තුළ ක්‍රියාතමක වීමේදී ඇතිවන ජනතා ගැටලු පිළිබඳව සොයා බැලීම අරමුණු කරගත් සංචාරයකට  තිරසාර සංවර්ධන  වන ජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා අද (2)දවස පුරා එක්විය.
 

කල්පිටිය කන්දකුලිය පිහිටි වනජීවී දෙපාර්තුමේන්තුවට අයත් ගල් මල් සමුද්‍ර අභය භූමිය හෙවත් බාර් පරය මේ වන විට කිලෝ මීටරයකට සීමා වී ඉතිරි කොටස් මිය යාමේ සංසිද්ධිය අමාත්‍යවරයාගේ අවධානයට ලක්විය.
 
මෙම ගල් මල් උයන 1992  විශේෂ ගැසට් නිවේදනයක් මගින් අභය භූමියක් බවට ප්‍රකාශ කොට ඇති අතර,එවකට එහි වපසරිය කිලෝ මීටර 307 ක්,වූ අතර කොරල් පර විශේෂ 136  සහ මත්ස්‍ය විශේෂ 400 ජීවත් විය.
 
මෙම ගල් මල් සමුද්‍ර අභය භූමිය විනාශ වීමට හේතු වශයෙන් ජනතාව පවසා සිටියේ ස්වභාවිකව මුහුදු ජලයේ උෂ්ණත්වය ඉහළයාම සහ කල්පිටිය සයුරේ සිදු කරන නීතිවිරෝධී දැල් පන්න භාවිතය බවයි.
 
ලයිලා නැමැති තහනම් දැල් හා ඒ ආශ්‍රිතව ඩයිනමයිට් නම් පුපුරණ ද්‍රව්‍ය යොදා ගැනීම ඊට බලපා ඇති බව ජනතාව සඳහන් කළහ.මෙම ගැටලුව කෙරෙහි වනජීවී නිලධාරීන්ගේ , නාවුක හමුදාවේ සහ ධීවර දෙපාර්තුමේන්තුවේ නිලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙසත් එම ආයතන වලට සාමුහිකව මෙම ගැටලුව විසදීමට මැදිහත් වන ලෙසත් අමාත්‍යවරයා  නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
 
ඉලන්තඩිය ප්‍රදේශයේ වනජීවී නිලධාරීන් සඳහා බීට්ටු කාර්‍යාලයක් ඉදිකිරීම , එලන්තඩිය ප්‍රදේශයේ ඩොල්පින් නැරඹීමට ඇති යාත්‍රා සඳහා ජෙටියක් ඉදි කිරීම යන කරුණු පිළිබඳව  ඉදිරියේ දී සලකා බලන බව ඇමතිවරයා පැවසුවේය.



අදහස් (0)

වනජීවී ඇමැති කල්පිටියේ ගැටලු සොයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 448 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site