(කේ. බුද්ධික කුමාරසිරි )
කඩුවෙල බෝමිරිය මධ්‍ය මහ විද්‍යාලයේ විදුහල්පතිවරයා වහා ඉවත් කර තම දරුවන් සහ පාසල බේරා දෙන ලෙස ඉල්ලා සිටිමින් එම පාසලේ දරු දැරියන්ගේ දෙමාපියන් පිරිසක් පාසල ඉදිරිපිට අද (18) දින උදෑසන විරෝධතාවයක නිරත විය .
වර්තමාන විදුහල්පතිවරයා පාසලේ දරුවන්නේ විනය පවත්වගෙන යාම සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නා බවත් පාසල තුළ මත්කුඩු පරිහරණය ඉහළ ගොස් ඇති බවත් එම කටයුතු මර්ධනය සදහා කටයුතු කිරීම වෙනුවට ප්‍රවර්ධනය සදහා විදුහල්පතිවරයා සහයෝගය ලබා ආකාරයක් පෙනීයන බැවින් මෙම විදුහල්පතිවරයා වහා ඉවත් කරන ලෙස ඉල්ලා එම දෙමාපිය පිරිස විරෝධතාවයේ නියැලිණි
දෙමාපියන් 300 කට ආසන්න පිරිසක් විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් විරෝධතා පාඨ කියමින් පැය තුනකට ආසන්න කාළයක් විද්‍යාලය ඉදිරිපිට තම විරෝධය පල කර සිටි අතර තවත් මව්පිය කණ්ඩායමක් කලාප අධ්‍යාපණ නිළදාරීන් හමු වීම සදහා යාමටද කටයුතු කල බව විරෝධතාවයේ යෙදුණු දෙමාපියන් පැවසූහ.
මේ අතර විරෝධතාවය පැවැති ස්ථානයට විද්‍යාලයේ ගුරුවරියක පැමිණ විරෝධතාවයට විරුද්ධත්වය පල කිරීමට යාමෙන් දෙමාපියන් හා අදාල ගුරුවරිය අතර දැඩි උණුසුම් තත්වයක් ද ඇති විය
විරෝධතාවයේ යෙදුනු දෙමාපියන් නගන චෝදනාවන් සම්බන්දයෙන් තොරතුරු දැන ගැනීමට අප විද්‍යාලයේ විදුහල්පති කේ-කේ- විජේරත්න මහතා මුණ ගැසීමට අවස්තාව ඉල්ලා සිටියද විද්‍යාලයේ ආරක්ෂක අංශ පැවසූවේ විදුහල්පතිවරයා එදින විද්‍යාලයට නොපැමිණුන බවය පසුව විදුහල්පතිවරයාගේ දුරකථන අංකයට ඇමතුමක් ලබා ගත්තද ඔහු කාර්ය බහුල බව පැවසීය.


2025 දෙසැම්බර් මස 18
178
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුහල්පති ඉවත් කරන්නැයි විරෝධතාවක්