IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විදුලි සැර වැදී මිය ගිය දෙදරු පියාගේ මරණයට දෙන්නෙක් අත්අඩංගුවට

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

පිටබැද්දර සියඹලාගොඩ ප්‍රදේශයේ කුඹුරක ඌරන් මැරීම සඳහා අටවන ලද විදුලි රැහැනක පැටලී දෙදරු පියෙකු මියගිය පසු ඔහුගේ සිරුර කිලෝ මීටර් භාගයක දුරක් ඔසවා ගෙන ගොස් කිඹුලන්ට කෑම සදහා ඌරුබොකු ආරට විසි කර දමන ලද බව කියන පුද්ගලයින් දෙදෙනෙකු සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව පිටබැද්දර පොලීසිය පවසයි.

එසේ මරුමුවට පත්ව තිබුණේ පිටබැද්දර සියඹලාගොඩ නැගෙනහිර පදිංචිව සිටි කුඩාගේ පියසේන (58) නැමැති දෙදරු පියෙකි.

ඔහු ඉකුත් 13 වැනි උදෑසන සිට අතුරුදන්ව තිබු අතර පසුව ඔහුගේ සිරුර පසු දින සවස නිල්වලා ගඟේ අතු ගංගාවක් ඌරුබොකු ආරේ පාවෙමින් තිබියදී සොයා ගෙන තිබුණි.

කිලෝ මීටර් දෙකක් පමණ දුර ගග පහලට පාවෙමින් තිබු එම සිරුර ඒ වන විටත් කිඹුලන් විසින් කා දමා දැඩි ලෙස නරක් වී තිබු බව පොලීසිය කියයි.

මහේස්ත්‍රාත් නියෝගය මත පශ්චාත් මරණ පරීක්ෂණය මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සුමිත් අඹේපිටිය මහතා විසින් පවත්වා මෙය විදුලි සැර වැදීමෙන් සිදු වු මරණයක් බවට ප්‍රකාශ කළේය.

ඒ පිළිබදව අධිකරණ වෛද්‍ය විශේෂඥ අඹේපිටිය මහතා මෙසේද කීය.

“කිඹුලන් විසින් කා දමා නරක්ව ඇති මෙම සිරුරේ විදුලි සැර වැදී පිළිස්සුණු තුවාල කැලැල් කිහිපයක් තිබෙනවා.ඒ වගේම ඔහු ඇද සිටි කමිසයෙත් පිළිස්සුණු ලකුණු තිබෙනවා.විදුලි සැර වැදුණු ස්ථානයේ ගොයම් පැල පොඩි වීමෙන් ඔහු එතැන දගලපු බවක් පැහැදිලිව පෙනෙනවා.විදුලි සැර වැදී මිය ගිය පසු එම සිරුර ඔසවා ගෙන විත් කිඹුලන්ට කෑම සදහා ගගට විසි කර තිබෙන බව පෙනෙනවා.”

කෙසේ නමුදු මෙම ඝාතනය සම්බන්ධයෙන් සැක පිට අත් අඩංගුවට ගෙන ඇත්තේ අදාල කුඹුරේ හිමිකරු හා එහි අදයට වැඩ කරන ගොවියෙකි.

ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී බණ්ඩි ගොයම ආරක්ෂා කර ගැනීම සදහා කුඹුරට පැමිණෙන වල් ඌරන් මැරීම සඳහා ඇටවීමට යොදා ගත් විදුලි රැහැන් ද ගං ඉවුරට විසි කර තිබියදී පොලීසිය සොයා ගන්නා ලදි.

පිටබැද්දර සියඹලාගොඩ හා ඉහල අයිනගම පදිංචි සැකකරුවන් දෙදෙනා මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරෙණි.

 



අදහස් (0)

විදුලි සැර වැදී මිය ගිය දෙදරු පියාගේ මරණයට දෙන්නෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 422 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site