(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඌරන්ට ඇටවූ විදුලි රැහැනේ ගැටී මියගිය පුද්ගලයකුගේ මළ සිරුරෙහි අත් පා ගැට ගසා හඳපාන්ගොඩ ගෝනකුඹුර ඇළට දැමූ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ හඳපාන්ගොඩ බටුගම්පොළ ජනඋදාන ගම්මානයේ පදිංචිව සිටි අටුගෙදර සුමතිපාල නමැති 50 හැවිරිදි තිදරු පියෙකි.
මළ සිරුර ගැටගැසීමට යොදාගත් ලණු, එය රැගෙයාමට උපකාර කරගත් රබර් දර පොල්ලක් සහ මියගිය පුද්ගලයාට අයත් ජංගම දුරකථනයක්ද සොයා ගත් බව පොලිසිය පවසයි.
ඉකුත් 19වන දින රාත්‍රියේ යතුරුපැදියකින් නිවසින් පිටවූ තම සැමියා දින දෙකක් ගතවුවද නිවසට නොපැමිණි බවට ඔහුගේ බිරිඳ විසින් පොලිසියට පැමිණිලි කර තිබිණි. ඒ අනුව පරීක්ෂණ පවත්වමින් සිටියදී අද(22) එම පුද්ගලයාගේ මළ සිරුර සොයාගත් බව පොලිසිය පවසයි.
එම සිද්ධිය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා, මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත මරණ පරීක්ෂණ කටයුතු පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලි රැහැනේ ගැටී මිය ගිය පුද්ගලයාගේ සිරුර ඇළට දාලා