IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


විදුලිය සැර වද්දවා වල් අලියකු මැරූ අයකුට දඩයක්

(උපාලි ආනන්ද)

විදුලිය සැර වද්දවා  වල් අලියකු මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි සැකකරුවෙකු එකී චෝදනාවට වරද පිළිගත් පසුව ඔහුට මුදලින් රුපියල් ලක්ෂ දෙකක දඩයක් කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් මාලින්ද  හර්ෂණ ද අල්විස් මහතා අද (7) නියම කළේය.

මෙලෙස දඩ නියම වූයේ පදවිය 18 කනුව ලිපිනයේ එස් ඒ ගාමිණි පූෂ්ප කුමාර නැමැත්තෙකි.

2019 වසරේ දෙසැම්බර් මස 23 වන දින පදවියේදී අඩි 8 ක් උස අවුරුදු 25 ත් 30 ත් අතර වයසැති වන අලියකුට විදුලි සැර වද්දවා ඌව මරා දැමූ බවට වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ වනජීවි දෙපාර්තමේන්තු මගින් මෙම සැකකරුට එරෙහිව කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.



අදහස් (0)

විදුලිය සැර වද්දවා වල් අලියකු මැරූ අයකුට දඩයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 22 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 868 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2501 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site