IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වදුරඹ රක්ෂිතයේ ඉඩම් අනවසරෙන් අයිති කරගත් 11 ක් අත්අඩංගුවට


 
සිරිනිහාල් ගමගේ 
 
වඳුරඹ කොකාවල  රක්ෂිතයට ඇතුළු වී එහි ඉඩම් බලහත්කාරයෙන් තමන් සතු කරගෙන සිටි කාන්තාවක් ඇතුළු සැකකරුවන් 11 දෙනකු අත්අඩංගුවට ගත් බව වඳුරඹ පොලිසිය පවසයි.


මෙම කොකාවල රක්ෂිත භුමිය බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බාරයේ පවතින අතර එම භුමියේ කොටසක් කිසියම් පිරිසක් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන එහි තිබු ගස්වල කපා එළිපෙහෙළි කරමින් සිටින බවට බද්දේගම ප්‍රාදේශීය ලේකම්වරියට තොරතුරු ලැබී ඇත.


ඒ පිළිබඳව සොයා බැලු ප්‍රාදේශීය ලේකම්වරිය එම කරුණු සත්‍ය බව අනාවරණය කරගෙන මේ පිළිබඳව වඳුරඹ පොලිස් ස්ථානාධිපතිවරයාට නීත්‍යානුකුල පියවර ගැනීමට දන්වා තිබේ. 


වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් සිද්ධිගත කොකාවල රක්ෂිතයට ගොස් එම රක්ෂිතයේ අනවසයෙන් ඇතුළු වී සාපරාධි රක්ෂිත පරිහාරයේ යෙදී සිටි කාන්තාවක හා පිරිමි සැකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
 



අදහස් (0)

වදුරඹ රක්ෂිතයේ ඉඩම් අනවසරෙන් අයිති කරගත් 11 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site