IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වෛද්‍යවරියගේ මුදල් සොරකම් කළ සෆාරි රියදුරාගේ නඩුව කල් යයි


(උපාලි ආනන්ද) 

   
විශේෂඥ වෛද්‍යවරියකගෙන්  රුපියල් ලක්ෂ සියයක පමණ මුදලක් සහ රුපියල් ලක්ෂ තිස් හතරක් පමණ වටිනා  කැමරා උපකරණ වංචා කර   එම දේපල සාවද්‍ය  ලෙස පරිහරණය කිරීමේ  චෝදනාවක් සම්බන්ධයෙන්  විල්පත්තුව ජාතික වනෝද්‍යානයට සෆාරි සේවා සපයන්නෙකුට එරෙහිව පවතින නඩුව ලබන ජූනි මස 5 වන දින යළි කැ ඳවීමට තඹුත්තේගම මහේස්ත‍්‍රාත් රමිලා නදීෂානි මහත්මිය නියෝග කළාය.


මෙම නඩුවට අදාල නඩු භාණ්ඩ තමන්ට මුදා හරින ලෙසට පැමිණිලිකාර විශේෂඥ වෛද්‍යවරිය අධිකරණයෙන් කල ඉල්ලීම එදිනට  සලකා බැලිමට තීරණය කල   මහේස්ත‍්‍රාත්වරිය  මෙම නඩුවේ සැකකාර සෆාරි සේවා සපයන්නාට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද තවදුටරත් නියෝග කෙරිණි.


මෙම සිද්ධියට අදාල නඩුව නොච්චියාගම සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේ පැමිණිලිකාර  විශේෂඥ වෛද්‍යවරි නීතිඥ සුභාෂණී මේනකා  සිරිසේන මහත්මිය මගින් අධිකරණයෙන් අයැද සිටියේ තමන් සැකකරුට ලබා දී ඇති දැනට නඩු භාණ්ඩ ලෙස නම් කර තිබෙන කැමරා උපකරණ තමන්ට මුදා හරින ලෙසයි
මෙම නඩුවේ සැකකරු ලෙස නම් කර දැනට අධිකරණය මගින් ඇප මත මුදා හැර සිටිනුයේ ඉසුරු චතුරංග දයානන්ද නමැති විල්පත්තුව ජාතික වනෝද්‍යානයට සෆාරි සේවා සපයන්නෙකි වව්නියාව මහ රෝහලේ  විශේෂඥ වෛද්‍යවරියක  නොච්චියාගම පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු  අත් අඩංගුවට ගෙන රිමාන්ඩි බාරයට පත් කර පසුව ඇප මත මුදා හැරිණි.


සැකකරු වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතා මීට පෙර සදහන් කළේ  සැකකරුට එරෙහිව නොච්චියාගම පොලිසියට  පැමිණිල්ලක්  කර ඇති විශේෂඥ වෛද්‍යවරිය විදේශ ගමන් බලපත‍්‍ර දෙකක් භාවිතා කරන අයෙකු බවයි ඇයට ජාතික හැදුනුම්පත් දෙකක් ඇති බවද අධිකරණයට අවධාරණය කල නීතිඥවරයා ඒ බව සනාථ කළ හැකි ලේඛන  සහ ඊ මේල්  කෙටි පණිවිඩ තමන් සතු  බවද කීවේය.


පැමිණිලිකාර විශේෂඥ වෛද්‍යවරියගේ අයිතිවසිකම් වෙනුවෙන්  පෙනී සිටි නීතිඥ ශ‍්‍රි ලාල් තලංගල්ල මහතා අධිකරණයට ප‍්‍රකාශ කලේ  සැකකරු පැමිණිලිකාර වෛද්‍යවරියගෙන් රුපියල් ලක්ෂ තිස් හතරක් පමණ වටිනා  කැමරා උපකරණ  ලබා ගෙන ඇති බවයි ඊට අමතරව පැමිණිලිකාර වෛද්‍යවරිය ඔහුට මුදලින් රුපියල් ලක්ෂ සියයක් අවස්ථා තිස් තුනකදී ලබාදී ඇති බවත් ඒ බව සනාථ කල හැකි  අදාල ලේඛන අධිකරණයට ඉදිරිපත් කළ හැකි බවද  නීතිඥවරයා සඳහන් කළේය.



අදහස් (0)

වෛද්‍යවරියගේ මුදල් සොරකම් කළ සෆාරි රියදුරාගේ නඩුව කල් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site