(විජේරත්න රත්නායක )
නියමිත මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ වෙළඳසැල් හිමියන් 22 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය පියවර ගෙන තිබේ.
සහල් මිල සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර ඇති අදාළ ගැසට් නිවේදනය අනුව සුදු සම්බා සහල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 85.00 ක් සහ සුදු නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 80.00 ක්ද වන අතර එම මිලට වඩා වැඩි මිලට මෙම සහල් වර්ග අලෙවි කිරීම සම්බන්ධයෙන් අදාළ සැකකරුවන්ට නඩු පැවරීමට පියවර ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ඌව පළාත් සහකාර අධ්‍යක්ෂ කේ.ජී.දයා සමරකෝන් මහතා පැවසීය.
බදුල්ල- පහළ වීදිය, දකුණු පටුමග, විහාරගොඩ, හිඟුරුගමුව, මහියංගනය පාර, වේවැස්ස වත්ත, බණ්ඩාරවෙල- අමුණුදෝව, හපුතලේ පාර, හල්දුම්මුල්ල- ඌවතැන්න,පස්සර- නගරය, මහිහංගනය- මාපාකඩවැව, පූජා නගරය, පදියතලාව පාර, හාලිඇල- බෝගහමඩිත්ත යන ප්‍රදේශවල වෙළෙන්ඳන් පිරිසකට මෙසේ නඩු පවරා ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
වැඩි මිලට සහල් විකුණූ 22 කට නඩු