IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වැටුප නිසි අයුරින් නොගෙව්වා යැයි ජේසීබී යන්ත්‍රයක් සොරාගත් අයෙක් අත්අඩංගුවට

 (කේ බුද්ධික කුමාරසිරි )
 
කොට්ටාව නගරයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැලක සේවයට පැමිණ පුද්ගලයෙකුට ලබා දීමට පොරොන්දු වූ මාසික වැටුප නිසායාකාරව ලබා නොදීම හේතුවෙන් එම ආයතනයේ තිබූ රුපියල් ලක්ෂ හැටකට ආසන්න වටිනාකමකින් යුත්  ජේ සී බී යන්ත‍්‍රයක් සොරා ගෙන ගිය පුද්ගලයෙකු මාතර අකුරැස්ස ප‍්‍රදේශයේදී අදාල යන්ත‍්‍රය ද සමගින් සැකපිට අත් අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.
 
ජේසීබී  යන්ත‍්‍ර රියදුරන් බඳවා ගැනීම සඳහා පුවත්පතක පළ කරන ලද දැන්වීමකට අනුව කොට්ටාව නගරයේ පිහිටි සුප‍්‍රසිද්ධ ගොඩනැගිලි ද්‍රව්‍ය ආයතනයකට මෙම සැකකරු සේවය සදහා පැමිණ ඇති අතර එහිදී ආයතනයේ ප‍්‍රධානීන් සැකකරුට මාසිකව රුපියල් 45000?- ක මුදලක් ලබා දීමට එකග උවත් ඒ වෙනුවට රුපියල් 20000/- මාසික වේතනයක් ලබා දීම හේතුවෙන් සැකකරු විසින් එම වෙළඳ ආයතනය අයත් ජේසීබී යන්ත‍්‍රය සොරා ගෙන කොට්ටාව සිට ලොරි රථයකින් ජේසීබී යන්ත‍්‍රය අකුරැස්ස ප‍්‍රදේශයට රැගෙන ගොස් තිබූ බව ද පොලිසිය පවසයි
 
අත් අඩංගුවට ගත් සැකකරු හිටපු යුධ හමුදා සෙබළුකු වන මාතර අකුරැුස්ස ප‍්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු වන බවත් සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පවසයි
කොට්ටාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.  



අදහස් (0)

වැටුප නිසි අයුරින් නොගෙව්වා යැයි ජේසීබී යන්ත්‍රයක් සොරාගත් අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 478 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site